Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / ඉන්දුමතී

ඉන්දුමතී

ප්‍රකාශක (Publisher): සුරස - Surasa (fast publishing)
ප්‍රවර්ග (Genre): නවකතා
About this book

“ඔහුගේ දුකින් වෙව්ලන ස්වරය ඊයම් බරුවක් සේ
ඇගේ ළයමඬල පතුළටම කිඳා බැස්සේය.
ඉන්දුමතී හෙමිහිට සඳුන්ගේ දෙපතුල් මත
සිය හිස හොවාගත්තාය. ඇගේ ළයමඬල සැලෙන හැටි ඔහු
අපමණ ශෝකයෙන් බලා සිටියේය.
ඇගේ උණු කඳුළින් තම දෙපා තෙත් වන බව
ඊළඟ මොහොතේ ඔහුට දැනුණේය.
අහසේ දිළෙන පුන් සඳමඬල,
ගනපත මේඝ වලාවකින්
නොසිතූ ලෙස වැසී යා හැකිය.
නැතිනම් මේඝ වලා අතරින්
පුන්සඳමඬල පායා ඒමට ද පුලුවන.
ජීවිතය නමැති අහසේ ඊළඟ මොහොතේ,
කුමක් සිදුවේදැයි කාටනම් කිව හැකි ද?”
එය එසේ වන්නේ ඇයි?
එයට පිළිතුරක් දිය හැකි කාට ද?
'ඉන්දුමතී', සිනාසෙන මිනිසුන්ගේ
ජීවිතවල අපට නොපෙනෙන ඇතුළාන්තය
හද පහන් කරවමින්
අප ඉදිරියේ ගෙන හැර දක්වන
කැඩපතක් වැන්න.
කිව නොහැකි තරම් චමත්කාරයකින්
පාඨක සිත් පුරවාලමින් එය අපට,
අපගේම ජීවිත යථාර්ථය හඳුනා ගැනීමට
කවුළු විවර කරවන්නේ අපටත් නොදැනීමය.
ඒ සඳහා අත්දැකීමෙන් අත්දැකීමට මනාව බැඳුණු
රමණීය භාෂා වියමනකින් කළ සුන්දර ගෙත්තමක් සේ
‛ඉන්දුමතී’ පාඨකයා ඇද බැඳ තබාගන්නා ආකාරය,
පාඨකයාට අපූර්ව අත්දැකීමක් ගෙනදෙයි.

ISBN
9789556779646
පිටු ගණන (Pages)
148
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: ඉන්දුමතී

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.