කඩා වැටෙන තරු
හේරත් පලාපත්වල ලේඛකයා 2022 දී 'අසංගත ඡායා’ නම් කෙටිකතා සංග්‍රහය පාඨකයන්ට පිරිනමන්නේ 2019 දී කවියකු ලෙස තම කුලුඳුල් සාහිත්‍ය නිර්මාණය පාඨකයන් වෙත පිරිනැමීමෙන් අනතුරුව ය. 'ඌරුවේ අන්දරය' නම් කාව්‍ය සංග්‍රහය ලේඛකයාගේ පළමු නිර්මාණ වෑයමයි. කවියකින් තම ලේඛනය අරඹන ලේඛකයා යළිත් වරක් ‘කඩා වැටෙන තරු' නම් මෙම කෙටිකතා සංග්‍රහය සමග පාඨක අප හමුවට එයි. නිර්මාණාත්මක සාහිත්‍ය ලේඛනය කෙරෙහි පලාපත්වල ලේඛකයාගේ අභිරුචිය ඉන් ප්‍රකට වෙයි.
'කඩා වැටෙන තරු’ නම් මෙම කෙටිකතා සංග්‍රහයට පලාපත්වල ලේඛකයා විරචිත කතා නවයක් ඇතුළත් වේ. මෙම කතා සියල්ල එකිනෙකට වෙනස් වූ අත්දැකීම් මත ගොඩනැගුණු රචනාය. ඇතැම් කතාවක ලේඛකයාගේ පරිකල්පනීය සිදුවීම් මාලාවක් නිරූපණය කෙරෙන අතර තවත් කතාවකින් එක් කෙටි සිද්ධියක් මුල්කොට ගත් කතාන්තරයක් කියවේ. පලාපත්වල කෙටිකතාකරුවාගේ විශේෂ ලක්ෂණය වන්නේ කතා රසය නොබිඳෙන ලෙස පාඨක ග්‍රහණය රඳවා ගනිමින් මෙම කතා නිර්මාණයෙහි ලා ඔහු දක්වා ඇති දක්ෂතාවයි. සරල බස් වහරක් භාවිත කරන කතාකරුවා පාඨක කුතුහලය ගිලිහෙන්නට ඉඩ නොහරිමින් තම කතා තුළින්, කෙටිකථාවක මූලික ලක්ෂණයක් වන එක් සිද්ධියක් හා චරිතයක් වටා ගොඩ නැගෙන ප්‍රබන්ධයක් ගොඩ නගයි. පොදු අත්දැකීමක් වේවා පුද්ගලබද්ධ අත්දකීමක් වේවා, කෙටිකතාවක් බවට ප්‍රතිනිර්මාණයේ දී සංවිධානාත්මකව සිද්ධි පෙළ ගැස්වීමට හා එතුළින් ජීවිතය විනිවිද දැකීමට ගනු ලබන උත්සාහය මේ සියලු කතාවලින් පළට කෙරේ.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.