කඩා වැටෙන තරු

Special Price රු. 720.00 Regular Price රු. 900.00
In stock
SKU
kada-watena-tharu-herath-palapathwala-surasa-fast-publishing

හේරත් පලාපත්වල ලේඛකයා 2022 දී 'අසංගත ඡායා’ නම් කෙටිකතා සංග්‍රහය පාඨකයන්ට පිරිනමන්නේ 2019 දී කවියකු ලෙස තම කුලුඳුල් සාහිත්‍ය නිර්මාණය පාඨකයන් වෙත පිරිනැමීමෙන් අනතුරුව ය. 'ඌරුවේ අන්දරය' නම් කාව්‍ය සංග්‍රහය ලේඛකයාගේ පළමු නිර්මාණ වෑයමයි. කවියකින් තම ලේඛනය අරඹන ලේඛකයා යළිත් වරක් ‘කඩා වැටෙන තරු' නම් මෙම කෙටිකතා සංග්‍රහය සමග පාඨක අප හමුවට එයි. නිර්මාණාත්මක සාහිත්‍ය ලේඛනය කෙරෙහි පලාපත්වල ලේඛකයාගේ අභිරුචිය ඉන් ප්‍රකට වෙයි.

'කඩා වැටෙන තරු’ නම් මෙම කෙටිකතා සංග්‍රහයට පලාපත්වල ලේඛකයා විරචිත කතා නවයක් ඇතුළත් වේ. මෙම කතා සියල්ල එකිනෙකට වෙනස් වූ අත්දැකීම් මත ගොඩනැගුණු රචනාය. ඇතැම් කතාවක ලේඛකයාගේ පරිකල්පනීය සිදුවීම් මාලාවක් නිරූපණය කෙරෙන අතර තවත් කතාවකින් එක් කෙටි සිද්ධියක් මුල්කොට ගත් කතාන්තරයක් කියවේ. පලාපත්වල කෙටිකතාකරුවාගේ විශේෂ ලක්ෂණය වන්නේ කතා රසය නොබිඳෙන ලෙස පාඨක ග්‍රහණය රඳවා ගනිමින් මෙම කතා නිර්මාණයෙහි ලා ඔහු දක්වා ඇති දක්ෂතාවයි. සරල බස් වහරක් භාවිත කරන කතාකරුවා පාඨක කුතුහලය ගිලිහෙන්නට ඉඩ නොහරිමින් තම කතා තුළින්, කෙටිකථාවක මූලික ලක්ෂණයක් වන එක් සිද්ධියක් හා චරිතයක් වටා ගොඩ නැගෙන ප්‍රබන්ධයක් ගොඩ නගයි. පොදු අත්දැකීමක් වේවා පුද්ගලබද්ධ අත්දකීමක් වේවා, කෙටිකතාවක් බවට ප්‍රතිනිර්මාණයේ දී සංවිධානාත්මකව සිද්ධි පෙළ ගැස්වීමට හා එතුළින් ජීවිතය විනිවිද දැකීමට ගනු ලබන උත්සාහය මේ සියලු කතාවලින් පළට කෙරේ.

Author හේරත් පලාපත්වල - Herath Palapathwala (1)
Publisher සුරස - Surasa (fast publishing) (692)
More Information
ISBN 9786242042398
පිටු ගණන 160
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:කඩා වැටෙන තරු
Back to Top