කඳුකර නිවහන
The Haunting of Hill House යනු 1959 දී ඇමරිකානු කතුවරියක වන ෂර්ලි ජැක්සන් විසින් රචිත අද්භූතජනක නවකතාවකි. 20 වන සියවස තුළ ප්‍රකාශයට පත් කරන ලද හොඳම අද්භූත නවකතාවලින් එකක් ලෙස සැලකෙන "The Haunting of Hill House” අනුසාරයෙන් වෘත්තාන්ත චිත්‍රපට දෙකක් සහ නාට්‍යයක් නිපදවී ඇති අතර මෙම නවකතාව පාදක කර ගනිමින් Netflix කතා මාලාවක් ද සම්පාදනය වී ඇත.
අද්භූත සංසිද්ධීන් හි පැවැත්ම සත්‍ය යැයි විද්‍යාව මඟින් සනාථ කිරීමට කාලය එළැඹ ඇති බැව් තීරණය කරන ආචාර්ය ජෝන් මොන්ටගු, ඒ සම්බන්ධයෙන් ගවේෂණයන්හි යෙදීමට වඩාත් සුදුසු ස්ථානය ලෙසින් අමනුෂ්‍ය පරිගෘහිත ස්ථානයක් බවට කදිම ඉතිහාසයක් දරන දශක අටක් ඉපැරණි මන්දිරයක් වන කඳුකර නිවහන තෝරා ගනියි. හෙතෙම සිය පර්යේෂණ කටයුතු සඳහා ප්‍රවේසමෙන් යුතුව තෝරා ගනු ලබන්නේ ද, හොල්මන් හා අවතාර සම්බන්ධ අත්දැකීම් සහිත පසුබිමක් ඇති පුදගලයින් දෙදෙනෙකි. ඉන් එක් අයෙකු එලීනර් වැන්ස් වන අතර අනෙක් තැනැත්තිය තියෙඩෝරා ය. ඔවුන් හා එක්වන තුන්වැන්නා වූ කඳුකර නිවහනේ වත්මන් හිමිකාරිය වන සැන්ඩර්සන් මහත්මියගේ ඥාති පුත්‍රයෙකු වන ලියුක් සැන්ඩර්සන් මන්දිරයේ අනාගත උරුමක්කරු ය. ඔවුන් කඳුකර නිවහනෙහි ගත කළ කාලය අතරතුර මුහුණදුන් අත්දැකීම් වටා මෙම කෘතිය නිර්මාණය වී ඇත.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.