කල්කි ශිව අසිපත - මියුසස් ප්‍රකාශන
මහායොද්ධ - KALKI TRILOGY 3
කල්කි
ශිව අසිපත
KEVIN MISSAL
ආපසු ඉන්ද්‍රගරයට ළඟා වන කල්කිට දැනගන්නට ලැබෙන්නේ සිය සොහොයුරා සිරභාරයට පත්ව ඇති බවත්, සිය ආදරිය මරු මුව වැටෙන්නට ඔන්න මෙන්න කියා සිටින බවත් ය. මෙවෙලේ ඉන්ද්‍රගර නගරය බිහිසුණු සටනක පැටලී සිටින්නේ නාග රාජිණියත්, දක්ඛිනී රාජයාත් සමඟය.
දෙවියන් විසින් ලබා දුන් ඒ බලසම්පන්න අසිපතින් සන්නද්ධ වන කල්කි සටනට වැටෙන්නේ සිය පරම සතුරා, දුෂ්ට කාලිගෙන් නගරය මුදවා ගන්නටය.
එහෙත් දැන් විෂ්ණු අවතාරය මුහුණ දී සිටින්නේ උභතෝකෝටිකයකටය. අධර්ම සමඟ අවසන් සටනට වැද නපුර වනසා දමන්නට දෛවයෙන් තීන්දු වී ඇති නමුත් ඔහු පැකිළෙමින් සිටින්නේ ආපසු ගමන අතරතුර එළිදරව් වූ භයානක සත්‍යයකි; හෙළිදරව්වකි.
අධර්ම පරාජය කර තම ඉරණම් කාරිය ඉටුකර ගන්නට කල්කි සමත් වේද? එසේත් නැතිනම් අසහාය වීරයා අහිමිව ලෝකය විනාශ මුඛයට ඇද වැටේද?
මේ තුන් ඈඳුත්තේ අවසානය; ත්‍රාසය, භීතිය හා කුතූහලය කැටි වූ ‘මහායොද්ධ කල්කි - ශිව අසිපත’ ඒ සියල්ල හෙළිදරව් කරනු ඇත.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.