Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / කළු රෝස

කළු රෝස

කතෘ (Author): මනීෂී ගමගේ
ප්‍රකාශක (Publisher): මියුසස් පොත් - Muses Books
ප්‍රවර්ග (Genre): නවකතා
About this book

ඒ වර්ෂ 1888 වසන්ත ඍතුවයි. 

අද්භූත මිහිදුමකින් හාත්පස වැසී ගිය එක්තරා අන්ධකාර, 

පාළු රැයක ලන්ඩනයට නපුර අරක්ගත්තේ නිහඬවමය.

මැදියම් රැය පසුවී ගතව තිබුණේ සුළු වේලාවක් පමණි.

සඳ රැසින් නැහුවුණු ගල් ඇතිරූ විදිය ඔස්සේ සෙවණැලි රුවක් ඇඳිණි.

රක්ත වර්ණ හිස වැසූ ලෝගුවකින් සැරසී සිටි ඇය, රූමත් තරුණ යුවතියකි.

ඇගේ සිහින් රතැඟිලිවලට නතුව තිබූ මායාවී කළු රෝස මලෙහි රක්ත වර්ණ පෙති, අඳුරේ පවා අද්භූත සෞන්දර්යයකින් දිලුණේය. පාළු නිහඬ රැයක, මිහිදුමෙන් වැසී ගිය අතීත කඳුකර රණබිමක අටිලා ඇදවැටුණු මොහොතේ, ඔහුගේ ලෙයින් පෙඟි මිහිතලයෙන් ඒ පළමු රෝස මල පුදින්නට ඇත.

එහි භාෂණය භීතිය වූයේය. මුද්‍රාව මරණය වූයේය.

පළමු ඝාතකයා මිහිමත ලේ හැලු තැන් පටන්, 

මිනිසා තුළ මිනිසා කෙරේ උපන් වෛරයෙහි නියත සලකුණ එයම වූයේය.

මේ ඒ කළු රෝස මලේ කතාන්දරයයි...

ISBN
9786246570644
පිටු ගණන (Pages)
394
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: කළු රෝස

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.