කුඩා කාලයේ සිට ම නිර්මාණකරණයට අත් පොත් තැබූ කාංචනා කුමාරි ද සොයිසා තම කුලුඳුල් නිර්මාණ එකතුව පාසල් අවධියේ දී ම එළි දැක්වීම සුවිශේෂී කරුණකි.
දීර්ඝ නිහැඬියාවකින් පසුව කාව්‍යකරණයෙන් මිදී නවකථාකරණයට යොමු වූ ඇය විසින් රචිත ප්‍රථම නවකථාව ජාතික තලයේ සම්මානයකට පාත්‍ර වීම තුළින් ඇය තම කුසලතාව ලොවට ම කියා පෑවා ය.
සමාජයේ අසුන්දර පැතිකඩක් තම පෑන් තුඩ හරහා සමාජයට විවර කිරීමට උත්සාහ දැරීමක් ලෙස ඇයගේ මෙම නිර්මාණය හැඳින්වීමට පුළුවන.
කාංචනාගේ දෙවන නවකථාව වූ මෙම නිර්මාණය ද ජාතික තලයේ සම්මානයකින් පිදුම් ලැබීම ඇය ලද භාග්‍යයක් මෙන් ම එමඟින් ඇය සිය හැකියාව ලොවට කියාපෑමට අනගි අවස්ථාවක් උදා කර ගත්තා ය.
සහජ හැකියාවෙන් හෙබි මෙවන් ලේඛිකාවක් ජාතික තලයට ඔසවා තබා සිංහල සාහිත්‍ය කෙත තව තවත් පෝෂණය කිරීමට හැකි වේවා! යි පතන අතර ඇයගේ අනාගතය සුබ වේවායි ප්‍රාර්ථනා කරමි.
- පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිංහල අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය අත්තනායක එම්. හේරත්
Details
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.