Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / කදුළු එක්ක චියර්ස්

කදුළු එක්ක චියර්ස්

ප්‍රවර්ග (Genre): නවකතා
About this book

ඛණ්ඩාරවෙල, දියතලාව, හපුතල, ඉදල්ගස්හින්න, ඔහිය එකපෙළට පහු කරගෙන බදුලු කෝච්චිය හරිත මිටියාවතේ දාරය දිගේ කොළඹ යනවා. කෝච්චිය ගැස්සෙන හැම වතාවකම මතක අහුරු විසිවෙලා රේල් පාර අද්දර වැටෙනවා.

ඒවා අහුලගන්න කවුරුත් නෑ. ඒ මතක තමයි සමහර තැන්වල සුදු ලිලී මල් වාගේ පිපිලා තියෙන්නේ. කේතකී ආසාවෙන් හිටියා ලිලී මල්වල සුවඳ සිඹිමින් රේල් පාරේ ඇවිදින්න යන්න. ජැකරුන්ඩා මල් පිපෙන හපුතල සීතලේ වසත්ගේ අත අල්ලගෙන ඇවිදින්න.

අදත් ඒ හැම දේම පුරුදු විදියට ඒ තැන්වලම ලියලනවා, දලුලනවා, මල් පිපෙනවා. සමහර දේවල් තිබුණු තැන්වලම ගල් වෙලා තියෙනවා. මීදුම පවා ඉස්සර වාගේම ගලනවා. හැබැයි කේතකීවත් වසත්වත් ආයේ කවදාවත් හපුතලේ එන්නේ නෑ. එයාලගේ කතාව මතක විතරක් ඉතිරි කරලා මැකිලා ගියපු ආදර කතාවක්.

ISBN
9786246625603
පිටු ගණන (Pages)
238
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: කදුළු එක්ක චියර්ස්

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.