කදුළු එක්ක චියර්ස්

Special Price රු. 1,080.00 Regular Price රු. 1,200.00
In stock
SKU
kandulu-ekka-cheers-lasantha-de-silva-vidarshana

ඛණ්ඩාරවෙල, දියතලාව, හපුතල, ඉදල්ගස්හින්න, ඔහිය එකපෙළට පහු කරගෙන බදුලු කෝච්චිය හරිත මිටියාවතේ දාරය දිගේ කොළඹ යනවා. කෝච්චිය ගැස්සෙන හැම වතාවකම මතක අහුරු විසිවෙලා රේල් පාර අද්දර වැටෙනවා.

ඒවා අහුලගන්න කවුරුත් නෑ. ඒ මතක තමයි සමහර තැන්වල සුදු ලිලී මල් වාගේ පිපිලා තියෙන්නේ. කේතකී ආසාවෙන් හිටියා ලිලී මල්වල සුවඳ සිඹිමින් රේල් පාරේ ඇවිදින්න යන්න. ජැකරුන්ඩා මල් පිපෙන හපුතල සීතලේ වසත්ගේ අත අල්ලගෙන ඇවිදින්න.

අදත් ඒ හැම දේම පුරුදු විදියට ඒ තැන්වලම ලියලනවා, දලුලනවා, මල් පිපෙනවා. සමහර දේවල් තිබුණු තැන්වලම ගල් වෙලා තියෙනවා. මීදුම පවා ඉස්සර වාගේම ගලනවා. හැබැයි කේතකීවත් වසත්වත් ආයේ කවදාවත් හපුතලේ එන්නේ නෑ. එයාලගේ කතාව මතක විතරක් ඉතිරි කරලා මැකිලා ගියපු ආදර කතාවක්.

Author ලසන්ත ද සිල්වා - Lasantha de Silva (4)
Publisher විදර්ශන ප්‍රකාශන - Vidarshana Publishers (232)
More Information
ISBN 9786246625603
පිටු ගණන 238
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:කදුළු එක්ක චියර්ස්
Back to Top