කාන්තාරය සහ මුහුද
ඇමෙරිකානු ජාතික මයිකල් ස්කොට් මුවර් සාහිත්‍ය පිළිබඳව මනා දැනුමක් ඇති මාධ්‍යවේදියෙක් හා නවකතාකරුවෙකි. ලොස් ඇන්ජලීස් පිළිබඳව ලියූ විනෝදාත්මක ‘ටූ මච් ඔෆ් නතිං’ නවකතාවත්, දිය මත පැද යාම වෙනුවෙන් ලියන ලද හොඳම සංචාරක ග්‍රන්ථයක් ලෙසට 2010 දී ඉකොනොමිස් ඇන්ඩ් පොප්වැටර්ස් විසින් නම් කරන ලද ‘ස්වීට්නස් ඇන්ඩ් බ්ලඩ්’ කෘතියත් ඔහු විසින් ලියන ලද කෘතීන්ය. ඔහු ස්පිගල් ඔන්ලයින් ඉන්ටර්නැෂනල්හි සංස්කාරවරයකු ලෙස සේවය කොට ඇති අතර පැසිෆික් ස්ටෑන්ඩර්ඩ් වෙත බර්ලිනයේ සිට අත්ලාන්තික් සාගර ප්‍රතිපත්ති පිළිබඳව තීරුව ලියා තිබේ. ඔහු වෙත කේරී ආයතනයේ ලෝගාන් නෝටිෆිකේෂන් වැඩසටහනෙන් හා ෆුල්බ්‍රයිට් ආයතනයෙන් හා අර්බුද වාර්තාකරණය පිළිබඳව පුලිට්සර් මධ්‍යස්ථානයෙන්ද පැසසුම් හා සාමාජිකත්වය ප්‍රධානය කොට ඇත. ඔහු තම කාලය ලොස් ඇන්ජලීස් සහ බර්ලින් අතර ගත කරමින් සිටියි. මේ ඔහුගේ ජීවිතයේ ලැබූ සත්‍ය අත්දැකීමයි. ඔහු දින 977 සෝමාලි මුහුදු කොල්ලකාර වෙරළේ අත්අඩංගුවේ පසුවීය.
“මිනිසෙකුගේ සැබෑ වටිනාකම තීරණය වන්නේ, තමා විසින්ම විමුක්තියෙන් ලබාගෙන ඇති මිනුම් හා වැදගත්කම අනුවය.”
- ඇල්බට් අයින්ස්ටයින් - 1934
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.