කැටපත් කංකාරිය
අනුරාධපුර යුගයේ දී පරපුරුෂයන් රැසක් හා
ලැගි අනුලා බිසවගේ කාමෝන්මාදය පාදක කැර
ගෙන, සිනමාපටයක් නිපැයීමට, විකෘති කාමභෝගී
ජීවිතය තම තෘප්තිය කර ගත් ප්‍රවීණ චිත්‍රපට
අධ්‍යක්ෂකවරයෙක් උත්සාහ දරයි. ඒ නිර්මාණ
ප්‍රවේශය ඔහු හා දෙවැනි විවාහයෙන් බැඳුණු
කීර්තිමත් සිනමා නිළිය කඩා කප්පල් කරන්නට
උත්සාහ දරන්නීය. එයට නිමිත්ත වන්නේ තම පළමු
විවාහයෙන් ලද රූමත් දියණිය අනුලා බිසවගේ භූමිකාවට
තෝරා ගැනීමෙනි. තම දෙවන සැමියාගේ විකෘති
කාමාශාවන් හා තම අත්දැකීම් ඇසුරින් උපන් භය
හේතුවෙන් සිය දියණිය සුළු පියාගේ කාමා පරාධයන්ගෙන්
ගලවා ගැනීමේ ඇයගේ අනවරත උත්සාහය පාදකව
ඔවුන් තිදෙන අතර දැවැන්ත අරගලයක් පැන නැඟ
ඔවුන්ගේ සමාජ, ආර්ථික, සංස්කෘතික ජීවිතය භයානක
සළාවැටුමකට වැටී භ්‍රමණය වන්නේය.
අද්‍යතන කලා ලෝකයේ හරස් කැපුමක ඇති දුක්බර,
මූසල, අඳුරු, ගුප්ත පැතිකඩ මේ නිර්මාණයේ පිළිබිඹුව වන්නේය.
විඥානධාරා රීතිය, චරිත කථනය හා ආත්ම භාෂණය පමණක්
ගුරු කොට ගෙන මේ නවකතාව ගොඩ නැඟී ඇත්තේය.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.