කැතී සහ මායා දූපත
මිස්ටර් ඩේවිඩ්ට පුළුවන්නම් අර අද්භූත මිනිසා අතේ තියෙන බට නළාව උදුරගෙන පෙන්වන්න. මිස්ටර් ඩේවිඩ්ට පුලුවන් නම්, අර විල කිට්ටුවට නෙවෙයි. ඊට ගොඩාක් මෙහාට වෙන්න තියෙන කලු පාට වෙරළ තීරයට ගිහින් පෙන්වන්න. මිස්ටර් ඩේවිඩ් සතුන් ගැන පර්යේෂණ කරන්න හරි කැමතියි නේද?
අර විල කෙළවරක ඉන්නවා පිරානා වර්ගයේ මාලූත්. ඊට මෙහායින් ඉන්නවා යෝධ කූඩැල්ලො විශේෂයක්. උන්ට පුළුවන් මනුස්සයෙක්ගෙ ඇගේ තියන ඔක්කොම ලේ ටික උරා බොන්න. ඒ විතරක් නෙවෙයි. ඔය විල ඇතුළෙ මිනිස්සුන්ගෙ ඇටකටු පවා තියෙනවා. මීට වසර ගණනාවකට කලින් සමූල ඝාතනයකට ලක්වෙච්ච මිනිස්සුන්ගෙ ආත්ම පවා ඔය විල අවට සැරි සරනවා. ඒ විතරක් නෙවෙයි ඔය විල මැද තියෙනවා දිය සුළියක්. මනුස්සයෙක් ගියොත් ඒ දිය සුළිය දිය කුණාටුවක් වෙලා ඇවිත් මිනිස්සුන්ව ඇදලා ගන්නවා.
මිස්ටර් ඩේවිඩ්ට මේවා විශ්වාස නැහැනෙ. මම අභියෝග කරනවා. පුලුවන්නම් අර අද්භූත මිනිසා අතේ තියන බට නළාව අරගෙන පෙන්වන්න.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.