කිඳුරාවිය
දියකිඳුරියන්ගේ උතුම් පරිත්‍යාගශීලී ගුණාංගයන් හා
බැදුනු බොහෝ කථා සුරංගනා සාහිත්‍යය තුළ අප අසා තිබේ.
සාගරය සුසුම්ලන රිද්මය ඔවුන් හොඳින් අඳුනති.
එය සංසුන්ද, කුණාටු සහිතද යන්න පිළිබඳව
විශේෂත්වයක් ඔවුන්ට නැත. මහ සයුර ඔවුන්ගේ ජීවිතයයි.
කුණාටුවකට අසුවී මුහුදුබත්වන්නට යන නැවකින්
ගොඩ එන්නට වෙරදරන නාව්කයින් වෙනුවෙන්
ඔවුන් මැදිහත්වනුයේ උණුසුම් පරිත්‍යාගශීලි හැඟීමෙන් යුතුවය.
සියල්ල අහිමිවෙමින් අසරණව සිටි පිරිසකට
බලාපොරොත්තුව ලඟාකරදී ඔවුන් සතුටුවනවා දැකීම
තරම් දෙයක් දියකිඳුරියන්ට නැත්තේය.
පොකුරු වැස්සකට කොටුවුණු කිඳුරාවියද එසේය.
එහි එන කථා නායිකාව - සාවිත්‍රියද දියකිඳුරියක් සේ මා හට හැඟෙනුයේ,
තමාද අනපේක්ෂිත අභියෝගයන්ට මුහුණ දෙමින් සිටිද්දී පවා,
වයෝවෘද්ධත්වයට පත්ව අනෙකාගේ පිළිසරණේ සිටින්නවුන් වෙනුවෙන්,
වෘත්තියට එහා ගිය උසස් මානුෂික බැඳීමෙන් යුතුව ක්‍රියා කිරීමට
ඇය සතුව ඇති අප්‍රතිහත ධෛර්යය හා කැපවීම නිසාය.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.