Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / ස්කැන්ඩිනේවියානු දුම්බරයා

ස්කැන්ඩිනේවියානු දුම්බරයා

About this book

වසර 26 ක කාලයක් තිස්සේ අමෙරිකාවේ වසන විවිධ සංස්කෘත පසුබිම්වලින් පැමිණි ජනයාට සාකල්‍ය මනෝවිද්‍යාව (holistic psychology) මඟින් සුවසෙත සැළසීමෙහි යෙදී සිටින මා ලක්ෂ්මන් තිසේරා මහමාගේ පරිච්ඡේද දාහතරකින් යුතු “ස්කැන්ඩිනේවියානු දුම්බරයා” එක හුස්මට කියවීමට පෙළඹුනේ කතුවරයා විසින් කෘතිය කුමන ගණයට වැටේදැයි නොදන්නා බව පෙරවදනෙහි මලින්ම පැවසීම නිසාය. කෘතිය සැබවින් ම ලස්සනය. ඒ සිද්ධානතයකට හෝ රාමුවකට හසු නොවන ලෙස ලියා ඇති නිසාය. මෙම කෘතිය මට psychoanalysis හෙවත් මනෝවිශ්ලේෂණයකි.

ආචාර්ය දේදුනුපිටියේ උපනන්ද හිමි

PhD University of Peradeniya, MA Cambridge.

BA Florida International University, BA North Central University 

සාකල්‍ය මනෝවිද්‍යාන උපදේශක



1987-89 භීෂණ සමයෙහි ලංකාවේ රාජ්‍ය මර්දනයෙන් බේරීමට රටින් පලා ගිය බොහෝ දෙනෙක් දැන් දැන් තම අද්දැකීමි ලියා පළ කරති. ඒවා නිසා ඒ යුගය දකින්නට අලුත් කවුළු ඇරේ. එපමණක් නොව ඒ යුගය පිළිබඳ අධිපති කතිකාට අභියෝග කරන්නටත් මේ ලේඛන නිසා අවස්ථාව ලැබේ. මෙම කෘතියෙහි කතුවරයා සිය සහෝදරයාද සමග ලංකාවෙන පැන යන ගමන වීරකතාවක් වැන්න. ඔහු එය විස්තර කරන්නේ ඒ අතීත යුගයෙහි සැබෑ තතු හෙළි කරමින් වුවත් ඒ යුගය රොමැන්තිකරණය නොකමිනි. එපමණක් නොව ඩෙන්මාර්ක් රටේදී ඔහුට මුණ ගැසෙන යහපත් මනුෂ්‍යයන්ද මනුෂ්‍ය ජීවිතය වෙන එහිදී ලැබෙන අගයද පිළිබඳ ඔහු විස්තර කරන්නේ ගෝලීය මනුෂ්‍ය සහෝදරත්වය පිළිබඳ අපේක්ෂාද ඇති කරමිනි. තමන්ට අත්විදින්නට සිදු වූ බිහිසුණු රාජ්‍ය මර්දනය ගැන පවා මැදහත් සිතින් බැලීමේ හැකියාව මේ පොතෙත් පෙනේ. එසේම මෙය හුදෙක් ඒ යුගය ගැන මතක පොතක ස්වභාවය ඉක්මවා වඩා සාකල්‍යවත් අධ්‍යාපන පද්ධතියක් පිළිබඳ නව දැනුමක්ද සපයන්නේ ඩෙන්මාර්ක් අධ්‍යාපන පද්ධතිය ගැන අර්ථවත් කරුණු රැසක් හෙළි කරමිනි.

මහාචාර්ය ලියනගේ අමරකීර්ති

MA PhD University of Wisconsin 

සිංහළ අධ්‍යයන අංශය

Details
ISBN
9786249352902
පිටු ගණන (Pages)
152
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Write a review

You're reviewing: ස්කැන්ඩිනේවියානු දුම්බරයා

Reviews are published once a member of our team has read them.