Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / කෝම්පිට්ටු ගල

කෝම්පිට්ටු ගල

ප්‍රකාශක (Publisher): සුරස - Surasa (fast publishing)
ප්‍රවර්ග (Genre): නවකතා
About this book

අප සියලු දෙනාම එකිනෙකාට වෙනස් වූ ස්වභාවයන් සහිතව පතිත වූ වුවනය. සමහරක් ප්‍රියමනාපය, සමහරක් ඊට ටිකක් වෙනස්ය. සමහරක් පෙනුමෙන් ලස්සනය, සමහරක් ඊටත් ටිකක් වෙනස්ය, සමහරක් බුද්ධිමත්ය. සමහරක් ඊට ටිකක් වෙනස්ය. සෑම කෙනෙක්ම අනෙකාට වඩා උසස්ය, එමෙන්ම තවෙකෙකුට වඩා පහත්ය, එනම් වෙනස්ය.

නමුත් බහතෝරන වයසේ දරුවකුට මෙය නොතේරේ. දරුවකු ඔහුගේ වටිනාකම මනින්නේ ඔහු අවට සිටින දරුවන්ට සාපේක්ෂව ඔහුට වැඩිහිටියන් සලකනයුරු දෙස බලාගෙනය. වැඩිහිටියන් ඔහුව පහත් කොට හැසිරේ නම් ඔහු ඔහුගේ වටිනාකමද පහත් කොට සලකයි. වැඩිහිටියන් ඔහුව පිළිකුල් කරන විට දරුවා ඒ පිළිකුල් බව ඔහු තුළින් දකී. වැඩිහිටියා ඔහුට අඟවන උස් පහත්කම් දරුවා ඔහු තුළ සොයයි. එය සදාතනික සත්‍යයකි.

නමුත්, කලාතුරකින් එක් දරුවකු 'නෛෂ්ක්‍රම්‍ය' ප්‍රගුණ කරයි. එවන් දරුවකු සෑම විටම වෙර දන්නේ තමා ආදරය කරන්නවුන්ට නොරිදවා ඔවුන්ගෙන් සමුගැනීමටය. ඉන් කිසිවකුටවත් හානියක් සිදු නොවේ. රාත්‍රියේ පිබිදී දසත සුවඳ විසුරුවා රාත්‍රියේම පරව යන සේපාලිකා මලක් මෙන් එවන් දරුවකු පිබිදී පරවයයි. උදෑසන අවදිවන වැඩිහිටියකු දකින්නේ ගස මුල වැටී ඇති සේපාලිකා සිරුර පමණකි. මුළු රාත්‍රිය පුරාම නැවුම් සුවඳ විහිද වූයේ ඒ සේපාලිකා මල බව එම වැඩිහිටියා නොදනී. එමෙන්ම මුළු රාත්‍රිය පුරා සුවඳ විහිදුවන්නට විදි දුක් කම්කටොලු ද එම වැඩිහිටියා නොදකී.

නමුත් ස්වභාවධර්මයා මෙය දකී. සියලු බැඳීම් වලින් නික්මුණු එවන දරුවකු වෙනුවෙන් කැපකාර දෙවියකු පත් කරන්නේ එබැවින්ය. ගසමුල වැටී ඇති ඒ ශීතල සිරුර ඔහු පරිස්සමෙන් ගෙන ඇත. දිව්‍ය තලයට රැගෙන යයි. ස්වභාවධර්මයේ උණුසුම පොවමින් එම සිරුර රැකගනී. අවසානයේ දී ස්වභාවධර්මයා සියලු දෙනාටම සාධාරණය ඉටුකරයි. එය සදාතනික සත්‍යයකි.

ISBN
9786242040639
පිටු ගණන (Pages)
224
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: කෝම්පිට්ටු ගල

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.