කුලාංගනා
කුසුමා විජේරත්න මැණිකේ ලේඛිකාව අතින් කුළුඳුලේ ලියැවුණු 'කුලාංගනා' නවකතාවෙහි අපට හමුවන පාත්‍රවර්ගයා ජීවිතය, අවලෝකනය කරන සැබෑ මිනිස් ගතිලක්ෂණවලින් හෙබි විශ්ව සාධාරණීය චරිතයන් ලෙස හුවා දැක්විය හැකිය. ලාංකීය ජන සමාජයෙහි අදටත් ශේෂව පවතින කුල පරම්පරාවකට අයිති වූ යුවතියක වටා ගොඩ නැගෙන 'කුලාංගනා' විශේෂයෙන් ම සෑම යුවතියක් විසින් ම කියවිය යුතු කෘතියක් ලෙස මම දකිමි. කතුවරියගේ නිර්මාණ ශක්තියත්, ලේඛන ප්‍රතිභාවයත් පළ කරමින් ස්ත්‍රී චින්තන අභ්‍යන්තරය අනාවරණය වන අයුරින් 'කුලාංගනා' හි උත්තරාගේ චරිතය නිරූපණය කර තිබීම අගනේය. වික්‍රම, උත්තරා සහ ශාක්‍ය වටා ගෙතුණු ආදර අන්දරයක් ලෙස දිග හැරෙන 'කුලාංගනා' නවකතාව අර්ථ පූර්ණ මෙන්ම භාව පූර්ණ, රසයෙන් අනූන වූ කෘතියකි.
මාතලේ බුද්ධඝෝෂ මහා විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලබා පොළොන්නරුව අභයපුර මහා විද්‍යාලය, විජිත මධ්‍ය මහා විද්‍යාලය සහ පොළොන්නරුව තෝපාවැව මධ්‍ය මහා විද්‍යාලයෙන් උසස් අධ්‍යාපනය හැදෑරූ කතුවරිය පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපාධිධාරිණියකි. (පුරාවිද්‍යාව පිළිබඳ විශේෂවේදී ගෞරව) වසර 30කට වඩා කාලයක් උපාධිධාරී ගුරුවරියක ලෙස හා පාසල් පුස්තකාලාධිපතිනියක ලෙස ලැබූ අත්දැකීම් ද ඇයගේ මෙම නිර්මාණයේ සාර්ථකත්වයට හේතුවන්නට ඇතැයි සිතමි.
ස්වකීය ජීවන අත්දැකීම් නිර්මාණශීලීව පරිකල්පනයට මුසුකරමින් පාඨක රසාස්වාදය යළියළිත් පුබුදු කරවන්නට ඇයට තවතවත් ශක්තිය හා ධෛර්ය ප්‍රාර්ථනා කරමි.
ගේය පද රචක,
මානෙල් සුජීවනි වික්‍රමසිංහ (ශාස්ත්‍රවේදී පේරාදෙණිය),
පරාක්‍රම සමුද්‍රය මහා විද්‍යාලය,
පොළොන්නරුව.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.