කුවණ්ණා
කුවණ්ණා කොටි දෙනෙකුගේ දෑසින් සද්දන්තයාගේ දෙනෙත අත නොහැරම බලා සිටියාය. ඒ බැල්ම සද්දන්තයාට ඉවසිය නොහැකි තරම් විය. නරඹන්නන් පවා මේ සුකුමාල කුමරියට මෙවන් රෞද්‍ර පෙනුමක් කෙසේ ආවේදැයි පුදුමයෙන් බලා සිටියෝය. නෙත් පහර ලද සද්දන්තයා බිරන්තට්ටු වී ගියාක් මෙන් කුවණ්ණාගේ බැල්ම මග හරින්නට උත්සාහ දැරීය. මීට පෙර සියලුම සටන්වල දී සද්දන්තයා වහා පැන ප්‍රතිමල්ලවයාට පහරපිට පහර දී ඔසවා ගන්නට තැත් දැරූ බව සියල්ලෝ ම දුටහ. එහෙත් මෙවර සිදුවූයේ කුමක්දැයි ධජක සහ මහ ඇමති පවා තුෂ්ණිම්භූතව බලා සිටියහ.
කුවණ්ණා ඇස්වල බැල්ම තවත් දැඩි කළාය. දැන් දැන් කුවණ්ණා ආවේශ වී ඇති බව ශ්වේතා දත්තාය. සිනහ පහළ විය. දැන් සිදුවන දේ ස්වේතා හොඳින් දනී. කුවණ්ණා සෙමෙන් සෙමෙන් තම දකුණත එසවීය. හිරවූවාක් මෙන් සිටි සද්දන්තයා කුවණ්ණා දකුණත ඔසවන බව දැනී වහා ඉදිරියට පිණුයේ කුවණ්ණා ඔසොවා ගැනීමටය. එය බලාපොරොත්තුව සිටි කුවණ්ණා පය මාරු කර ඉවත් වූවාය. සද්දන්තයා ඉදිරියට පෙරළී ගියේය.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.