මන් දෙයක් අහන්නම්..? ”
"මොකක්ද..? "
කොකෝගේ සුරත මත දෙතොල් තබාගෙන සිටි ක්වමේ හිස ඔසවා ඇසුවේ කොකෝගේ මුහුණ දෙස බලාගෙන ය...
”ආදරේ කියන්නේ මොකක්ද..?
ක්වමේගේ දෙතොල් අග තිබූ රුධිර බිඳුවක් තම දකුණතෙහි මහපට ඇඟිල්ලෙන් පිස දැමූ කොකෝ අසන්නේ තවමත් නොවේලුනු කඳුලු පේලි ඇඳී ඇති ඒ රෝස පැහැ මුහුණ දෙස බලාගෙන ය..
"මගෙ ඇස් දිහෑ බලන්න..
ඔයාට මොනාද පේන්නේ.. ?’
කොකෝගේ ප්‍රශ්නය ළඟ මද වේලාවක් නිහඬව සිටි ක්වමේ එක් වරම දෑස් උස්සා කොකෝගේ කහ පැහැති දීප්තිමත් දෙනෙත් දෙස බලාගෙන පැවසූවේ නළලත් රැලි කර ගන්න ගමන් කොකෝ ඇයගේ දෑස් තුලට එබෙද්දී ය..
"මට මාවම පේනවා..
"ඉතින් ඔයාගේ ප්‍රශ්නට උත්තරේ හම්බුනාද..? ” කොකෝගේ පිලිතුර ළඟ සිහින් මදහසක් මුවට නගා ගත් ක්වමේ අසන්නේ කොකෝ දෑස් හීන් කරමින් ඇය දෙස බලා සිටිද්දීය..
”මට තේරුනේ නෑ..
යටි තොලත් දසන් අතරට මැදි කර ගත් කොකෝ හිස දෙපසට සොලවමින් පවසන්නේ ක්වමේ පවසන කිසිවක් පැහැදිලි නොමැති නිසාවෙන් ය..
"ආදරේ කියන්නෙම ඔයාට..”
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.