ලාරා
About this book
"ඔයානම් ඇත්තමයි පිස්සුවක්... නිදා ගන්න නෑ... කන්න බොන්න බෑ... නිදහසේ වැඩක් කර ගන්න නෑ.. මොකක්ද මේ මඟුල... හොඳටම ඇති දැන්... වෙව්ලුවට කමක් නෑ අදනම් අතාරින්නෙ නෑ.. ආදරෙයි නම් ඒක මූණටම කියන්න බැරි ඇයි.... මගෙන් තවත් හැංගෙන්න එපා... ප්ලීස්.... ඔය කටින් අහන පළවෙනි වචනෙ මට ආදරෙයි කියන එක.... කෝ ඉතිං කියනවා සුද්දී... මට ආදරෙයි නේද...
.... ලාරා ....
"ඔහොම බලන් ඉන්න එපා මං දිහා... මට හරි බයයි... ඇත්ත දැන ගත්තම ඔයා කොහොම හැසිරෙයිද... මොනා කරයිද.... මං දන්නවා ඔයා ආය එන්නෙම නැති වෙයි... ඔව්... අනිත් අය වගේම ඔයත් මාව පිළිකුල් කරයි... අනේ ඒත්... ඔයා දන්නවනම් ඔයාව මේ හිතට දැනෙන තරම ... ඔයා ගැන මගේ හිතේ තියෙන ආදරේ... මට කියන්න... ඔයා... ඔයත් මාව දාලා යනවද..?”
... පබළු ...
Details
ISBN
9786245797035
පිටු ගණන (Pages)
448
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 8
-
ලාරා- පබළු2017 ඉදං අදටත් වාරියපොල යන දවසක් ගානේ වාරියපොල බස් ස්ටෑන්ඩ් එකේ ලාරා ඉන්නවද, වාරියපොල පුස්තකාලේ පබළු ඉන්නවද කියලා බලන්නම හිතෙනවා.මං fb කියවපු මුල්ම නවකතාව මේක.ඒක කියවපු දවසේ ඉදං අද වෙනකන්ම පිනි පබළුට තිබුනු ආදරේ වෙනසක් නෑ.ලහිරු ප්‍රභාශ්වරගෙයි පබළුගෙයි ආදරේ මං ළගට ඉක්මනටම එනකන් මග බලන් ඉන්නව.
-
හීනයක් හැබෑ වූ වගයි...මීට අවුරුදු ගාණකට කලින් සයිබරයේ කතා කියවන්න ඇබ්බැහි කල ඒ හිතුවක්කාර දඩබ්බරයගේ කතාව...
සයිබරයෙන්ම විසි වතාවක් විතර එක හුස්මට කියවලත් එපා නොවුනු කතාවක්...
ආයෙ පොතක් වෙලා හරි හැමදාම ළඟ තියාගන්න හීන බලපු හරි අපූරු මතකයක්...
ඇත්තටම ලාරා-පබළු ඒක පිස්සුවක්...
ලාරාගෙ චරිතෙට කවරයේ උන්නු නළුවගෙ ෆිල්ම් පිස්සුවෙන් හොය හොය කියවපු නිපූ මධුෂි අපි බෝ කරපු පිස්සුවක්..
ඉවසිල්ලක් නෑ ආයෙ ආයෙම.. ආයෙ ආයෙත් කියවන්න විඳින්න ඒ අපූරු හීනය...
නිපූගෙ කතා කිව්වොත් ඉතින් පිස්සුවක් තමයි ...
කොච්චර කී වතාවක් කියෙව්වත් කවදාවත් එපා නොවන වචනයෙන් වචනයට තව තවත් ආසාව නොඉවසිල්ල වැඩි කරන හරි අපූරු අකුරු ගැලපීමක් කරන්න පුලුවන් මැජික් අකුරු මවන්නියක් නිපූ..
ආසයි මේ කතාව ෆිල්ම් එකක් වෙනව බලන්න කවදහරි.
ස්තූතියි මේ හීනය කල් ගිහින් හරි හැබෑ කලාට..
ඉදිරියටත් මේ වගේ මැජික් අකුරු පබැදුමකින් හමුවෙමු නිපූ...
සුබ පැතුම්...❤️???? -
ලාරා ( පිණි පබළු )****ලාරා****
පිණි පබළු නමින් facebook එක හරහා අප වෙත ආ චන්ඩි ලාරාගේත් අහිංසක ගොළු යුවතිය පබළුගේත් ආදර කතාව පොතක් විදියට එනකන් මන් බලාගෙන හිටියා. මේ මම නව කතාවක් මිලදී ගන්න ප්‍රථම වතාවයි. ඒ මම නවකතා කියවන්න වැඩි කැමැත්තක් නැති නිසායි. හැබැයි නිපූ නංගිගේ පිණි පබළු මම අහම්බෙන් facebook එකේ දැකලා කියෙව්වේ. අඅදටත් අමතක කරන්න බැරි කතාවක්. ඒ කතාව පොතක් විදියට එනකන් මග බලන් ඉන්න තරම් ලස්සනට කතාව අකුරු කරලා තිබුනා...
-
දඩබ්බර ලාරා...කොහොම අමතක කරන්නද... නිපූ අක්කා සයිබර් අවකාශයේ අකුරු කරපු, අපේ හිත් වලට ආදරේ කියල දීපු දඩබ්බර, ප්‍රේමණීය ප්‍රේමවන්තයො අතරේ අමතක කරන්න බැරිම චරිතේ ලාරා...කොහොමද කතාව ස්පොයිල් නොවී රිවීව් එකක් දාන්නෙ අප්පා... මං දන්නෙ මෙච්චරයි.. ආදරේ කරන, ආදරේ කරපු, ආදරේ අඳුනන හැම කෙනෙක්ම අනිවාරෙන් කියවන්නම ඕන කතාවක් මේ... ❤
-
ලාරාගේ ආදරය...ලාරා කියවලා අවුරුදු හයක් ගිහිල්ලත් තවම මතකයේ සදානොමැකෙන ලෙස ජීවමාන ලාරාගෙත් පබළුගෙත් ආදරය සරලවම කියනවනම් කියවන අපේ හුස්ම හිරකරවන කතාවක්. ලාරාගේ එකම එක වචනයක් ඇතුළේ ගැබ් වුණ ආදරය කියවලම බලන්න ඕනේ කතාවක්.
-
ලාරාකියන්න වචන නෑ නිපූගෙ කතාඅපිව ජීවත් කරවනවා කිව්වොත් ඒක හැමොම පිලිගන්න දෙයක්.....නිපූ ගෙ පිණි පබලු කතාව ලාරා කියලා පොතක් විදියට එනකම් අපි හැමෝම බලන් හිටිය....ඉස්සර වගේම දැනුත් කෝ කතාව තාම නැද්ද කියලා අපි අහනව බලන් ඉන්නවා දවස් ගනන් කතාව අද දායි හෙට දායි කියලා සමහර දෙබස් කට පාඩම් ..විහග දේවා ලාරා ප්‍රබූ චාලි මේ හැම චරිතයක්ම අපිව ජීවත් කරවන අරුම පුදුම මිනිස්සු...ලාරා වගේම අනිත් කතා ටිකත් අපිට ඕනි නිපූ ලාරා පබලු දැන් අපි ලගින්ම ඉන්නවා කියන්නෙ වචන නෑ සතුටට....fb එකේ කතාව තියද්දිත් සියසැරේට වඩා episode සේරම කියව්වා දැන් පොත ලග තියනවා කියන්නෙ මැරෙනකම්ම පොත කියවයි සැරෙන් සැරේ....නිපූ ගෙ වචනයි අපිව ජීවත් කරවන්නෙ..ඉතින් නිපු ගෙ අනිත් කකතා ටිකත් පොතක් වෙල එනකම් අපි බලාන් ඉන්නව ලාරාව ත් ලග තියන්..ලාරාගෙයි පබලුගෙයි වෙනස්ම ආදරේ ගැන හැමෝම කියවන්න කියලා මන් ඉල්ලනවා සුබ පැතුම් නන්ගී
-
MadhuSuperb meka kiyawau kenek me potha ai katawath allannawath dena ekak ne e tharam parissam karai ❤️❤️
-
ලාරාමම පිස්සුවෙන් වගේ කියවපු එකම කතාව......... තාමත් මතකයි දැන් අවුරුදු ගානක් උනත් කතාව මතකයි... ඒචරිත කවදාවත් අමතක වෙව්නේ නෑ..... ඒ තරම්ම ලස්සනට නිපූ අක්කි හිතට දැනෙන්න ලියලා තියනවා... බුදුසරණයි අක්කි... කලින්ම ඕඩර් එක.දැම්මා????????????????????????????????????????????????????????????????????????????
Write a review