Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / ළඟින් ඉන්න කෙනෙක් දෙන්න

ළඟින් ඉන්න කෙනෙක් දෙන්න

ප්‍රවර්ග (Genre): නවකතා
About this book

1970 දශකය තුළ ජාතික ගුවන් විදුලියට සවන් දුන් කිසිවෙකුටත් උදේනි ගලහිටියාව යන නම අමුතුවෙන් හඳුන්වා දිය යුතු නැත. ඒ කාල පරාසය තුළ ඔහුගේ පෑන් තුඩින් ලියැවුණු ගුවන් විදුලි නාට්‍ය, විචිත්‍රාංග මෙන්ම විවිධ කටහඬ ගණනාවකින් මවන ලද

චරිත ද අපට අසන්නට ලැබිණ. උදේනි විසින් රචනා කරන ලද රණරාළ, හරි පුදුම ඉස්කෝලෙ, ලොරොන්සෝ නෞකාව, එරන්දි, ඇතුළු ගුවන් විදුලි නාට්‍ය ගණනාවක් මේ මොහොතේ මට සිහිපත්

වෙයි. ඒවා අතිශය ජනප්‍රසාදයක් වැළඳ ගැනීම ඔහු සතු කුසලතාව පිළිබඳ හොඳම සාධකයකි.

 

උදේනිට ගුවන් විදුලි නාට්‍යයක් ලියන්නට නියමිත තැනක්, වේලාවක් අවශ්‍ය නොවීය. ඇතැම් දවසක ඔහු ලියන ලද නාට්‍යයක් අප පටිගත කරමින් සිටියදී ඔහු මැදිරියේ පසෙකට වී එහි ඊළඟ කොටස ලියනු කොතෙකුත් වාරයක් මම දැක ඇත්තෙමි.

ප්‍රවීණ ගුවන් විදුලි නාට්‍ය හා විචිත්‍රාංග රචකයෙකු මෙන්ම දක්‍ෂ ගුවන් විදුලි රංගන ශිල්පියෙකු ලෙස අප හඳුනාගෙන සිටි උදේනි ගලහිටියාව නම් මගේ ළබැඳි මිතුරා ළඟින් ඉන්න කෙනෙක් දෙන්න” නවකතාව තුළින් නවකතාකරුවෙකු ලෙස දොරට වඩින මේ මොහොත මම මුළු හදවතින්ම ඔබට සුබ පතමි!

ලක්ෂ්මන් මල්ලවආරච්චි (ප්‍රවීණ මාධ්‍යවේදී )

ISBN
9789557010540
පිටු ගණන (Pages)
280
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: ළඟින් ඉන්න කෙනෙක් දෙන්න

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.