ලෝකාන්තය
ටී. බී. ඉලංගරත්න සූරීන්ගේ ලෝකාන්තය ඔහුගේ අනෙකුත් නවකතා සේම කතා රසයෙන් අනූන ය. බස ද සරලය. එහෙත් මෙහි අමුත්තක් ඇත. ඒ ඔහුගේ අනෙකුත් කතාවල ඇති, උඩරට ගැමි පරිසරයෙන් මිදී මොහොතකට සුරලොව යන්නට සිදු වීමය මේ අමුත්ත.
යුග දිවියට එළැඹ, මදුසමය ගත කිරීම සඳහා නුවරඑළියට ගොස් සිටින ප්‍රසන්න සහ සුරූපා යුවලට සුරලොවින් ලැබෙන ඇරයුමකින් සුරලොව චාරිකාවකට යන්නට අවස්ථාව ලැබෙනවා. දඬුමොනරයකින් ඔවුන් ව කැඳවා ගෙන යන්නේ මාතලී. මේ අරුම පුදුම චාරිකාවෙන් සුරලොවේ ඇති සුධර්මා ශාලාව, නන්දන උයන වැනි චමත්කාරජනක තැන්වල සැරිසරන්නන්, වාරක, පංචසිඛ වැනි ඒ ලෝකෙට ම සීමාවුන පුද්ගලයන් සමඟ කතා බහ කරන්නටත්, අසුරයන් ගැන තොරතුරු දැන ගන්නටත් ඔවුන්ට හැකි වෙනවා.
දෙව්ලොවට ගියත්, විශ්වකර්මලා මුණ ගැසුනත්, ඉලංගරත්නයන් මේ කතා කරන්නට උත්සාහ කරන්නේ අපි නො දන්නා, නුපුරුදු ලොවක් ගැන නොවන වග අවසානයේදී වැටහේවි.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.