ලෝකාපවාදය
ප්‍රවීණ ලේඛකයකු මෙන්ම, පුවත්පත් කලාවේදියකු වන යසවර්ධන රුද්රිගු පාසල් අවධියේ පටන් දිවයිනේ විවිධ පුවත්පත් සඟරා ආදියේ පළ කර ඇති නිර්මාණ සංඛ්‍යාව දහසකට අධිකය. නවකතා, කෙටි කතා, යොවුන් නවකතා, ළමා කතා, ශාස්ත්‍රීය ග්‍රන්ථ සහ පරිවර්තන ආදි සෑම ක්ෂේත්‍රයක් තුළින්ම නිර්මාණකරණයේ යෙදෙන යසවර්ධනගේ විපිරියාසය නවකතාවට 2000 වර්ෂයේදී ඩී. ආර්. විජයවර්ධන සම්මානය හිමි විය. ඔහුගේ දූ දරුවන් නවකතාව සහ අපි මොකටද රණ්ඩු වෙන්නේ යන ළමා කතාව රාජ්‍ය සාහිත්‍ය සම්මාන සඳහා අවසන් වටයට නිර්දේශ වූ ග්‍රන්ථ වේ. ඔහුගේ බලාපොරොත්තු යන නවකතාව සංස්කෘතික දෙපාර්තමේන්තුවේ නවකතා අත්පිටපත් තරඟයෙන් ජය ලැබූ නිර්මාණයකි. සමස්ත ලංකා සහ ප්‍රාදේශීය සාහිත්‍ය තරඟවලදී ඔහුගේ නිර්මාණ රැසක් ඇගැයීමට පාත්‍ර වී ඇත.
යසවර්ධගේ 37 වන කෘතිය වන ලෝකාපවාදය මඟින් දූ දරුවන් පිළිබඳ දෙමාපියන්ගේ රුධිරය තුළට කිඳා බැස ඇති සදාතනික දාරක ප්‍රේමයේ සාධනීය හා හානිකර ප්‍රතිඵල පිළිඹිබු කෙරේ.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.