Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka

ලන්ඩන් මියුසියම්

ප්‍රවර්ග (Genre): Fiction - ප්‍රබන්ධ
About this book

සිතන්න.., තවත් වසර සියයකින් අපි කිසිවෙක් මෙහි නැත. ඔබ මම සහ අපගේ පවුල්වල අය සහ මිතුරු සියලුම දෙනා ඒ වනවිට වැළලී දුක්විඳ වෙහෙස මහන්සි වී මිතුරියන් ආදී අප දන්නා හඳුණන ගොස් අවසාන ය. අප අද අනේක ගොඩනඟා ගත් නිවෙස්වල නාඳුනන අය ජීවත් වනු ඇත, අප අනේක දුක්විඳ ගොඩ නඟා ගන්නා සියලුම වස්තුව වෙනත් අයට හිමිවනු ඇත. අප අද තණ්හාවෙන් ඇලී බැඳී සිටින බොහෝ දේ ඒ වනවිට ඉවත දමා හෝ විනාශ වී ගොස් ඇත. අපගේ ආච්චිලා සීයලාගේ දෙමව්පියන් කවුරුන්ද යන වග අපි නොදන්නවා සේ ම, අපගේ ඊළඟ පරම්පරාවට අපි කවුද යන්න මතකයක් වත් ඉතිරි නොවනු ඇත. අප මරණයට පත්වීමෙන් සුළු කාලයකට පමණක්, කෙනෙකුගේ බිත්තියක එල්ලෙන පින්තූරයක් විතරක් වේවි. ඉන් දශක කිහිපයක් යනවිට අපගේ ඡායාරූප, අපගේ ක්‍රියාවන්, අපගේ ඉතිහාසය ඉබේට ම අමතක වී අතුරුදහන් වී යනු ඇත. අවම වශයෙන් අපි ගැන අංශු මාත්‍රයක මතකයක් වත් ඉතිරි නොවනු ඇත. එමනිසා, අපි එක මොහොතකට නතර වී අපි ගැන සිතිය යුතු බව මම යෝජනා කරමි. එසේ මොහොතක විරාමයක් ගෙන ජීවිතය දෙස විශ්ලේෂණාත්මකව බලන අපට, නිරතුරුව ම අපගේ මනස කා දමන දේවල් ගැන කරදර වීම කොතරම් අතාර්කික දෙයක් දැයි වැටහෙනු ඇත. මේ ගැන වඩා ගැඹුරින් සිතුව හොත්, මේ ගෙවන ජීවන ගමන වෙනස් කර ගත යුතු යැයි අපට සිතෙනු ඇත, අප අද කරනා නොයෙක් දේවල් වෙනස් ලෙස කිර්මට පටන් ගනු ඇත. ඉන්පසුව අපට අපගේ ජීවිතය භුක්ති විඳීමට වඩා නිදහස් ක්‍රම ඇති බවක් දැනෙනු ඇත. අපි කවුද, අපි ඉපදුනේ ඇයිද, මේ ජීවිතයේ අරුත කිමද යන්න ආදිය තේරුම් ගැනීමට අප අනිවාර්යයෙන් ම උනන්දු වනු ඇත. එවිට, අප ඉපදුනේ වෙන කිසිවක් කිරීමට නොව විමුක්තිය උදාකර ගැනීමට බව අපට පසක් වනු ඇත.

Details
ISBN
9786249421905
පිටු ගණන (Pages)
288
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Write a review

You're reviewing: ලන්ඩන් මියුසියම්

Reviews are published once a member of our team has read them.