මා දිවිය ඔබ අතට
The Autobiography of a Western Buddhist Nun
ථෙරවාදී බෞද්ධ ශික්ෂුණියක ලෙස ප්‍රථම වරට පැවිදි වූ අපරදිග කාන්තාව ඓය ඛේමා විය. එබැවින් කාන්තාවන් සඳහා වූ ආරාම ජීවිතය නැවත පණ ගැන්වීමට තැත දරන සෑම බෞද්ධ නිකායකම කාන්තාවන් තුළ උද්යෝගයක් ඇති කිරීමට ඇය ආදර්ශයක් දී ඇත. ඇයගේ සරල හා ප්‍රායෝගික පොත පත නිසා ඇය ජාත්‍යන්තර වශයෙන් කීර්තියක් ලැබූ ගුරුවරියක් වන්නීය. ඇය ඛේමා තෙරණිය වීමට ප්‍රථම ගත කළ ඇයගේ ජීවිතයේ කුතුහලය දනවන තොරතුරු මෙම කෘතිය මගින් අප ඉදිරියේ තබන්නී ය.
එය පුදුමාකාර ජීවිතයකි. වර්ෂ 1923 දී ඉල්සි කුසෙල් (Ilse Kussel) වශයෙන් ජර්මනියේ බර්ලින් හි උපත ලැබූ ඇය, නාසීන් ගේ ග්‍රහණයෙන් මිදුනද පසුව චීනයේ ජීවත් වූ කාලයේ ජපන් ආක්‍රමණවලින් පීඩා වින්ඳා ය. ඉන් පසුව කැලිෆෝනියාවේ ලොස් ඇන්ජලිස් හි උප නගරයක ගෘහනියක ලෙස ජීවත් වූවා ය. මේ වකවානුවේ දී ඇමසෝන් හි සංචාරය කොට අනතුරුව පකිස්ථානයේ ද කලක් විසූ ඇය ඔස්ට්‍රේලියාවේ ඇමසෝන් හි සංචාරය කොට අනතුරුව පකිස්ථානයේ ද කලක් විසූ ඇය ඔස්ට්‍රේලියාවේ බ්‍රිස්බන් නගරය ආසන්නයේ ප්‍රථම ගොවිපල පිහිටුවා ගත්තා ය. ඉන්දියාවේ දී ඇයට හමු වූ භාවනා ගුරුවරුන් නිසා වයස හතළිස් ගණන්වලදී අධ්‍යාත්මික මඟට ඈ යොමු වූවා ය. හතළිස් අට වැනි වියෙහි දී ඓය ඛේමා නමින් පැවිදි බිමට පා තැබූ ඇය ශ්‍රී ලංකාවේ රත්ගම ‘භික්ෂුණින්ගේ දූවෙහි’ ආරාමයක් තැනුවා ය. අවසානයේ සිය මව්බිම වූ ජර්මනියට ගිය ඇය එහි ‘බුද්ධ හවුස්’ නම් විහාරය, මියුනික් නගරය ආසන්නයේ Allgau හි පිහිටුවා ගත්තා ය.
අති උත්තම ජීවිතයක් ගත කරමින් ආගමික වශයෙන් විශාල මෙහෙවරක් සිදු කොට, 1997 වර්ෂයේදී මෙලොව හැර ගිය ඛේමා තෙරණියගේ සත්‍ය කථාවයි මේ.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.