මා ඇසූ නුඹ
About this book
"කවදාවත් හිතෙන් මකන්න බැරි,
හැමදාම ඇස් ඉස්සරහා තියාගෙන
විඳින්න හිතෙන ඒ රූපෙ හරියට
භාවනාවක් වගේ. එයා ආබාධිතයි
තමයි. ඇයට ඇස් පේන්නෙ නෑ තමයි.
මං දකින මේ මහා වර්ණවත් ලෝකය
එයාට දකින්න බැහැ තමයි. ඒත් මගේ
ආත්මාර්ථකාමී හිත ඒ එක දෙයක්වත්
පිළිගන්න සූදානම් නෑ. එයාට මාව
දැනෙනවා නම්, එයාට මගේ හඬ
ඇහෙනවා නම්, මගේ පපුව ගැහෙන
හැටි එකම එක ස්පර්ශයකින්
අඳුනගන්නවා නම්...
මගෙ අරලිය මල මගේම විතරයි!”
මුළු රටක් හමුවේ ගැයෙන 'සිහින' ගේ
ජනප්‍රිය ස්වරයන් මැද, නිම්නද සොයා
ගිය ඒ සැබෑ නිවීම සහ සැනසීම
අරලියාගේ සුදු මුහුණ ළඟ නතර වේවිද?
නොඇසුණු ස්වරයක නිදහස සොයා ගිය
ආත්මීය රිද්මයක සොඳුරු
පුනරාගමනය...
Details
ISBN
9786246808181
පිටු ගණන (Pages)
272
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Write a review