මහ ගෙදර ඈයෝ
උදෑසනට මහ ගෙදර කුස්සිය තරමක් කලබලකාරී ය. යමුනා එක් ළිපක කෑම පිසින්නී ය. පත්මිණි තව ළිපක ය. ප්‍රියන්ති තව ළිපක ය. උදෑසනට අක්කා නගාලා කාමරවලින් එළියට එන්නේ තුනපහ බෝතලුත් අතින් කටින් එල්ලා ගෙන ය. සුධර්මා කෑම පිසින්නේ රාත්‍රියට පමණකි. උදේ දවල් ආහාර ඈත් නිමල්සිරිත් කඩෙන් ලබා ගත් හ. ඔවුන් කළේ පොත් සාප්පුවක් ය. පාසල් වෙලාව ඇරඹෙන්නට කලියෙන් පොත් සාප්පුව විවෘත කළ යුතු ය. එනිසා ඔවුන් හයයි කියද්දී නිවසින් බැහැර වෙයි. බොහෝ විට ඔවුන්ගේ දියණිය සුබෝධා දහවල් වන තුරු නිදා ගත්තා ය. ඒ ඇහැරෙන ඕ පොත් සාප්පුවට ගොස් අම්මාගෙන් කීයක් හෝ ඉල්ලා ගෙන රස්තියාදුවේ ය. කුසුමා වැඩ කළේ ඇඟලුම් කර්මාන්තශාලාවක ය. කර්මාන්තශාලාවෙන් උදේ දහවල් ආහාර ලබා දුන් නිසා කුසුමා උදෑසන නැගිට ආහාර පිසීමක් කළේ නැති ය. චාන්දනී වැඩ කළේ අච්චු කන්තෝරුවක ය. ඈට උදේ ආහාරයත් දහවල් ආහාරයත් ඇගේ හොඳම මිතුරිය රැගෙන එන්නී ය. දම්මි පාසලට යන මඟට උදේ ආහාරය ලබා ගන්නා අතර පාසල් ඇර් එද්දී දවල්ට කඩෙන්ම කා පැමිණෙන්නී ය. එනිසා උදෑසනට සුධර්මත්, කුසුමත්, චාන්දනිත්, දම්මිත් කුස්සියට යන්නේ තේ එක හෝ කිරි එක හදා ගැනීමට පමණි. පීටර් හට කෑම ලබා දීම දරුවෝ හත් දෙනා දවස් හතට බෙදා ගෙන තිබුණි. කඩෙන් කන අය තමාගේ දවසට තාත්තාටත් සමඟ කඩෙන් කෑම ගෙනෙයි.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.