Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / මහ පොළොව හා පෙමින් 1

මහ පොළොව හා පෙමින් 1

About this book

“කින්ට්සුගි කියලා හරි ලස්සන ජපන් කලාවක් තියෙනවා නිර්ධා, Golden Joinery කියලා ඕකට ඉංග්‍රීසියෙන් කියනවා. මේකෙදි කරන්නෙ කැඩුනු පිඟන් භාණ්ඩ ආයෙමත් එකතු කරන එක. මේ කැඩුණු කෑලි පාස්සන්නෙ රත්තරන් කුඩු මිශ්‍ර කරපු මැලියම් වගේ දෙයකින්. බිඳුණු කෑලි ටික එකතු කරාට පස්සෙ අර භාජනේ තිබුණට වඩා වටිනවා. හරිම අමුතු ලස්සනක් එනවා. ඔයා මවා ගන්න රත්තරන් පාට අහඹු ඉරි වැටුණු පෝසිලේන් කෝප්පයක්. අන්න ඒ වගේ තමයි මේ කින්ට්සුගි කලාව. ඕක භාජන හදන්නම පාවිච්චි කරන කලාවක් නෙමෙයි නිර්ධා. මේක wabi-sabi කියන ජපන් පිලෝසොපිකල් කන්සෙප්ට් එකට අනුව හැදුන කලාවක්. ඒකෙන් කියන්නෙ අනිත්‍යතාව පරිපූර්ණ නොවීම වගේම අසම්පූර්ණ බව ඇතුළෙත් ලස්සන දේවල් හොයාගන්න පුළුවන් කියලා. කැඩුනට බිඳුනට කමක් නෑ, ඉට්ස් ඕකේ. අපිට පුළුවන් අලුත්වැඩියා කරන්න. තිබුණටත් වඩා ලස්සනට, වටිනාකමිනුත් වැඩිවෙන්න. මේ කලාව තියෙන්නෙම ඔයාලා වගේ මිනිස්සු වෙනුවෙන්. ජීවිතේ කැඩුණු බිඳුණු තැන් පිළිඅරගෙන, ඒවට ඔරොත්තු දීලා, සුවවීමේ ක්‍රියාවලිය තමයි කින්ට්සුගි කලාවෙන් කියලා දෙන්නෙ. හරියටම ඔයා වගේ. "නිර්ධි සල්වතුර” කියන්නෙ මම ජීවමානව දැකපු විශිෂ්ඨතම කින්ට්සුගි කලාව”

-රමේශ් විජේවර්ධන -

Details
ISBN
9786246596415
පිටු ගණන (Pages)
576
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Write a review

You're reviewing: මහ පොළොව හා පෙමින් 1

Reviews are published once a member of our team has read them.