මහපොළොව
මහකන්ද ග්‍රාමය පන්ති විෂමතාවයේ සදාතනික අරගලය සියුම් ලෙස සංඥාර්ථ ගන්වයි. මහකන්දේ දුක් සුසුම් බොන මිනිසුන්ගේ සුන්දර සිහින දරා සිටින අසුන්දර හැපහැප්පීම් කන්දක් තරමට විසල්ව ගොඩගසා ඇත. පන්ති විෂමතාවයේ පීඩනය මිරිකා හරින්නට හැක්කේ අධ්‍යාපනයෙන් පමණක්ම බව පසක් කරන්නට වෑයම් දරා ඇත. එය දැන උගත්කමට කොයි කන්දත් සමතලා වන බව පිළිබඳ සියුම් උපහාසයකි.
අනෙක් අතට සමාජ ගතිකත්වය පිළිබඳ ගැඹුරු කියවීමකින්, ස්ත්‍රී - පුරුෂ සමාජභාවී ඒකාකෘතිකරණය විෂමව ප්‍රශ්නාර්ථ ගන්වා ඇත. ගුණයත් ආදරයත් රැගත් නවකතාවේ ප්‍රධාන චරිතය ගුණාදරී ඒකාකෘති ඛණ්ඩනය කරන ලද ගැහැණියක් ලෙසින් පෙනේ. ලේඛකයෙකුගේ පරිණත දැක්ම යනු එම නව්‍ය චින්තනයයි. භාෂාව. අවස්ථා, සිද්ධි මෙන්ම චරිත නිමැයුම අලංකෘත වන්නේත්, සංවේදී වන්නේත් එබැවිනි.
සංකීර්ණ දේ සරල කිරීම නිර්මාණශීලීත්වයයි. මහකන්දේ කතන්දරය සංකීර්ණ සමාජ, ආර්ථික, දේශපාලනික, සංස්කෘතික විවරණයක් සරලව ගෙත්තම් කිරීමකි. එය පාඨකයාට කියවීමේ රුචිය වඩයි. ඇතැම් සිදුවීම් හද දවයි. සිත කම්පිත කරයි. නැවත සුදුකලු චරිත සිත සුවපත් කරයි. මනුසතුන් දෙපයින් දරා සිටින ජීවිතයේ බර, මැසිවිලි නොනගා දරා සිටින්නේ මහපොළොවයි. මහපොළොව නවකතාවෙහි යටිපෙළ අර්ථයත් මිනිස් ජීවිතයේ සංකීර්ණ බව ප්‍රතිනිර්මාණයක් ලෙසින් පෙනේ. මේ කතුවරයාගේ කුළුඳුල් නවකතා නිර්මාණය වුවද පරිණත මෙන්ම මනරම් භාෂා විලාශය පාඨක සිත් අලවන සුලුය. මහකන්දෙන් පැන නගින කතුවරයාගේ නිර්මාණ දියවරින් හෙල සාහිත කෙත සරු කෙරේවා !
ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය දිනීෂා ලියනගේ
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.