මලක් නොවේ සකුරා
"ඒ සකුරා ලස්සන කෙල්ල නේද?”
සයුල්ගේ අභ්‍යන්තරය දෙදරා ගියේ ක්ෂණික කම්පනයකිනි. හරියට පපුවේ අතිසංවේදී ස්ථානයක් එල්ලකොට වැදුනු හී පාරක් වැනිය. නහරයක් ගානේ ගලමින් තිබූ රුධිර ධාතුව රත් වූ උණුසුම සිරුරෙන් පිටටත් කාන්දු වූ පරිද්දෙන් දැවිල්ලක් දැනිණි.
හිසට වද දුන් රූප රාමු පෙළක් එකිනෙක පැටලී සයුල්ගේ දෑස් මායිමේ මැවි මැවී පෙනෙන්නට විය. හිතා මතා අසීරුවෙන් අමතක කළ සකුරා මල ! එදා මෙදා තුර ජීවිතයේ අතිසුන්දරව දැකි මල ! ක්‍රෑරතර අන්දමින් ජීවිතය වනසා දැමූ පිළිකුල් සහගතම මල ! සයුල්ගේ දත් ඇඳි එකිනෙක වදිනු නළලේ නහර වැල් පෑදෙනු, ගෙල දිගේ දහදිය රූරා හැලෙනු පෙනේ. කෙමෙන් රත් පැහැ වන දෑස් එකම එල්ලයකය. "ඔය මල් වගේ පෙනුණට උන් ගාව තියෙන්නෙම විස. අක්කට පසුතැවෙන්න වෙයි”
පහ නොවූ කෝපයෙන් සයුල් ගුගුරා කීවේය.
Details
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.