මලක් නොවේ සකුරා

Special Price රු. 880.00 Regular Price රු. 1,100.00
In stock
SKU
malak-nowe-sakura-isuri-dahara-de-silva-susara-publishers

"ඒ සකුරා ලස්සන කෙල්ල නේද?”

සයුල්ගේ අභ්‍යන්තරය දෙදරා ගියේ ක්ෂණික කම්පනයකිනි. හරියට පපුවේ අතිසංවේදී ස්ථානයක් එල්ලකොට වැදුනු හී පාරක් වැනිය. නහරයක් ගානේ ගලමින් තිබූ රුධිර ධාතුව රත් වූ උණුසුම සිරුරෙන් පිටටත් කාන්දු වූ පරිද්දෙන් දැවිල්ලක් දැනිණි.

හිසට වද දුන් රූප රාමු පෙළක් එකිනෙක පැටලී සයුල්ගේ දෑස් මායිමේ මැවි මැවී පෙනෙන්නට විය. හිතා මතා අසීරුවෙන් අමතක කළ සකුරා මල ! එදා මෙදා තුර ජීවිතයේ අතිසුන්දරව දැකි මල ! ක්‍රෑරතර අන්දමින් ජීවිතය වනසා දැමූ පිළිකුල් සහගතම මල ! සයුල්ගේ දත් ඇඳි එකිනෙක වදිනු නළලේ නහර වැල් පෑදෙනු, ගෙල දිගේ දහදිය රූරා හැලෙනු පෙනේ. කෙමෙන් රත් පැහැ වන දෑස් එකම එල්ලයකය. "ඔය මල් වගේ පෙනුණට උන් ගාව තියෙන්නෙම විස. අක්කට පසුතැවෙන්න වෙයි”

පහ නොවූ කෝපයෙන් සයුල් ගුගුරා කීවේය.

Author ඉසුරි දහරා ද සිල්වා - Isuri Dahara De Silva (4)
Publisher සුසර ප්‍රකාශකයෝ - Susara Prakashakayo (995)
More Information
ISBN 9786246697860
පිටු ගණන 416
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:මලක් නොවේ සකුරා
Back to Top