මල්පෙති මැද ලැව්ගිනි
අපේ කොදෙව්වේ ගද්‍ය පද්‍ය වංශකතා අවකාශය තුළ ත්‍රිකෝණාකාර, චතුරශ්‍රාකාර, වෘත්තාකාර, ගෝලාකාර, ඝටාකාර, හැඩ ගලපමින් ඇය සොයන්නට වී තිබෙන්නේය. යථාර්ථවාදය අභියසදී ඇය නීතිගරුකව නිරුවත් කළද වගකීමකින් යුතුව මුනිවත රැක්කාසේය. නව ස්ත්‍රී වාදය, පශ්චාත් ස්ත්‍රීවාදය, විශ්ව සාහිත්‍ය ප්‍රවනතා, පොත් මාකට් -
සාකච්ජා - සම්මන්ත්‍රණ කෙසේ හෝ ඕ... එක්වාදහස් නවසිය බර ගණනකට පසු ගැහැණියක් කතා කරන්නට පටන් ගත්තා වගේය. වැදගත් වන්නේ එයයි.
- ජගත් මාරසිංහ -
ඇත්තටම නම් පියාගේ ආදරය හමුවේ අපේක්‍ෂා භංගත්වයට පත්වන ඇය තමාගේ ආදරවන්තිය තමාම බවට පත් වේ. සම ලිංගික ප්‍රේමය නායිස්මික ව ප්‍රකාශ වීමක් වන්නේ එසේය. ලැකාන් තර්ක කරන පරිදි ඇය සැබෑ ආදරය කුමක්දැයි තම පියාට පෙන්වා දීමට ප්‍රයන්ත යෙදෙන්නාක් මෙනි. මේ නිසා තම ප්‍රේමය පියාට දැන ගැනීමට ඉඩ හැරීමට ඇයට අවශ්‍ය වේ. (මේ අවශ්‍යතාව අවිඥානය). ඇය වරක් තම පියා නොමැති විටක මෝටර් රිය, රියදුරාගෙන් ඉල්ලගෙන අවන්හලකට හෝ බීමත්ව රෑ බෝ වී පැමිණෙන ජවනිකාව සිහිපත් කරන්න. ඇය රෑ බෝ වන තෙක් අවන්හළෙහි රැඳෙන්නේ හිතාමතාය. හදිසි අනතුර වූ කලී ඇගේ අවිඥානික ප්‍රාර්ථනයයි. මෙම සමලිංගික ප්‍රේමයේ අවසන් ඛේදජනක දර්ශනයද පුනරුක්තික වූ මෝටර් රිය අනතුරක් වී ඇත. ඇය අවස්ථා තුනකදීම රැගෙන යන්නේ පියාගේ මෝටර් රියය. එහිදී මෝටර් රථය හැඟවුමිකාරකයකි. ඇය හිතාමතාම මෙි හැගවුම්කරණයට තම ජීවිතය හැසිරවීමට ඉඩ දී ඇත. මෝටර් රිය සම්බන්ධවන්නේ පියාට බැවින් ඒ වූ කලී තමා පාලනය කිරීමට නැතහොත් තමාගේ ඉරණම තීන්දු කිරීමට පියාට බාර දී ඇතුවාක් මෙනි. මේ නවකතාවේ කියැවෙන්නේ ස්ත්‍රීන් දෙදෙනෙකු අතර ප්‍රේමයක් පිළිබඳව වන නමුත් ඒ තුළ පිරමියකු සිටී. ඒ පිරිමියා
ඉනෝගේ පියා මිස අනෙකෙකු නොවේ වර්ජිනියා වුල්ෆ් ගේ නවකතාවක් අරබයා ලීඩර් කියන ලෙසම ගීතාගේ ස්ත්‍රී නවකතාව තුළ පුරුෂ සර්ව නාමයක් සැඟවී සිටී
- සමන් වික්‍රමාරච්චි -
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.