Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / මානවී

මානවී

ප්‍රවර්ග (Genre): නවකතා
About this book

"ප්‍රේමය, ත්‍රාසය හා කුතුහලය සමග අපේ පුරාවිද්‍යාව, ජනශ්‍රැතිය අපූර්ව ලෙස මුසු කළ කෘතියකි. ලාංකීය උරුමය හා තාක්ෂණය පිළිබඳ ලේඛකයා සතු ප්‍රතිභාව මෙහි මැනවින් පිළිබිඹු වේ. මෙය රසයෙන් අනූන විශිෂ්ට ප්‍රබන්ධයකි."

අනුරාධපුර ශ්‍රී ලංකා භික්ෂු විශ්ව විද්‍යාලයේ පුරාවිද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය උඩුවිල උපරතන ස්වාමීන් වහන්සේ.

"අහිමි වූ පරපුරක උරුමය ගැන සාහිත්‍යමය ගවේෂණයක යෙදෙන ලේඛකයා, විවාදාත්මක කරුණු කුතුහලය දනවන ලෙස ඉදිරිපත් කරයි. වර්තමාන පාඨකයා ප්‍රිය කරන විෂයාන්තර දැනුම මෙහි අන්තර්ගතය. එය ලේඛකයාගේ ස්වාධීන චින්තනයේ ප්‍රශංසනීය ප්‍රතිඵලයකි."

පූජ්‍ය පැපිලියානේ සුමිත්ත හිමිපාණෝ
(BA. Hons. PGD in Con: MA, MEDMate(Int) MPhil in Edu)
සාරිපුත්ත ජාතික අධ්‍යාපන විද්‍යා පීඨය - නිට්ටඹුව

"හෙළදිව පැරණි ශ්‍රී විභූතියත්, විස්මිත ඉංජිනේරු තාක්ෂණයත් පිළිබඳ කතුවරයාගේ අපූර්ව පරිකල්පනය සිනමා පටයක් සේ දිගහැරෙන නවකතාවකි. පැරණි ගෝත්‍රික අනන්‍යතාව සහ නවීන විද්‍යාත්මක මත යා කරමින්, මානව ප්‍රේමය පිළිබඳ අමුතුම මානයක් ස්පර්ශ කිරීමට කතුවරයා ගත් උත්සාහය අතිශය ප්‍රශංසනීයයි."

ප්‍රදීප් යසරත්න
අධිකරණ, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා, පළාත් පාලන, කම්කරු අමාත්‍යාංශයේ විශ්‍රාමික ලේකම්

"කතුවරයා සතු මනා පරිචය සහ ගවේෂණාත්මක දැනුම පිළිබඳව මා විශ්මයට පත් විය. හුදු පරිකල්පනයකින් ඔබ්බට ගිය මෙවන් සවිස්තරාත්මක අත්දැකීම් සමුදායක් නැත්තෙකුට නිර්මාණය කළ නොහැක.

සනත් උදේ කුමාර
සැලසුම් ශිල්පී

ISBN
9789553137913
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
බන්ධනය (Binding)
Paperback
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: මානවී

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.