මන්දාකිණි - නදීකා කුමාරගේ
සඳ කිරණ වැටී හාත්පස පරිසරයම රිදී පැහැයෙන් නැහැවෙමින් තිබුණි. “මොනවද බලන්නෙ ?” අහස් ගැබ දෙස නිහඬව බලා සිටි ඔහු එක්වරම මගේ මුහුණ දෙස බලන විට මම ඇසුවෙමි.
“මං මේ කල්පනා කළේ අර ඈත අහසෙ තියෙන හඳ ද නැත්නම් මේ හඳ ද වැඩිය ලස්සන කියලා” ඔහු අහස දෙසත් තවත් වරක් මගේ මුහුණ දෙසත් බලමින් පැවසුවේය.
“ඉතින් කොයි හඳ ද ඔයාට වැඩියෙන්ම ලස්සන ?”
මම මඳ සිනහවක් පාමින් ඇසුවෙමි.
“අහසෙ තියෙන හඳ මාසෙකට එක දවසක් අපිට එයාගෙ ලස්සන පෙන්නලා අනිත් දවස්වලට පොඩ්ඩ පොඩ්ඩ නොපෙනි යනවා. ඒත් මේ හඳ හැමදාම මගේ ළඟින් ම ඉඳගෙන මගේ ජීවිතයට එළිය දෙනවා.
ඒ හින්දා ඈත අහසෙ හඳට වඩා මේ හඳ මට දහස් වාරයක් වටිනවා.”
එසේ පවසමින් මගේ නළලට වැටී තිබුණු කෙස් රොද සුරතින් පිටුපසට කළ ඔහු මහත් සෙනෙහසින් මගේ නළලත සිප ගත්තේය.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.