Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / මණි මණිප

මණි මණිප

ප්‍රකාශක (Publisher): Enee's Book Cabin Publishers
ප්‍රවර්ග (Genre): නවකතා
About this book

ඇය ඈත ප්‍රධාන දොරටුව අබියසින් පාසැල් වත්තට ඇතුළු වූ තිදෙනෙකු දිටීය. කහපාට පසුබිමට පුංචි සුදු පාට මල් විසිරුණු රටාවක් තිබුණු ඔසරියක් හැඳ කොණ්ඩය ගෙඩියට ගැට ගැසූ සිහින් පැහැපත් නිවුණු සිනහවකින් මුව සරසා ගත් කාන්තාවකි. ඇය අතෙහි වෙළී පැමිණෙන දඟකාර සිනහවක් මුව රැඳි, මනාව තෙල් ගා හිස පීරා පුංචි කොණ්ඩ කරල් දෙකක් ගොතා දමා සුදෝ සුදු නිල ඇඳුමින් සැරසුණු දඟකාර ප්‍රීතිමත් පුංචි දැරියකි. දැරියගේ වම් පසින් මනාව කලිසම හා කමිසය හැඳ කොණ්ඩය කොටටම කපා පීරූ, සිනහවකින් මුව සරසා ගත් පිරිමි පුද්ගලයෙකි. මේ තිදෙනාම ඉතා ප්‍රීතියෙන් පාසැලේ ප්‍රාථමික අංශය වෙත ඇවිද යන්නට වූහ. ප්‍රීතියෙන් දොඩමළු වන දැරියගේ පැන පැන යන ගමනේ තාලයට ඇගේ කොණ්ඩ කරල් ද රඟ දෙන අයුරු සිඟිතිට පෙනුණි. දැරිය පාසැලට ඇතුළත් කරන පළමු දිනයේ ඇගේ මවත් පියාත් ඇය කැටුව පළමු ශ්‍රේණිය පන්තිය පැවති ගොඩනැගිල්ල වෙතට ගමන් කරන අයුරු සිතුවමක් බොඳව යන්නා සේ සිඟිතිගේ දෑස් අග වූ කඳුළින් බොඳව යන්නට විය. තවදුරටත් ඇගේ දෑස් මානයේ ඒ ප්‍රීතිමත් පවුල නොවීය. ඇයටත් නොදැනීම මහා බර සුසුමක් වාතලයට මුසු වුණි.

ISBN
9786246541026
පිටු ගණන (Pages)
208
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: මණි මණිප

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.