මරු කැඳවූ සැරයටිය
ධනවතකු වූ පීටර් ලැක්ස්ටර් සිය අවසන් කැමති පත්‍රය සකස් කිරීමෙන් පසු නිවස ගිනි ගැනීමෙන් අබිරහස් ලෙස මරණයට පත්වන්නේ අවාසනාවන්ත අයුරිනි. ඔහුගේ මුණුපුරන් දෙදෙනා සියලු දේපළ වල උරුමක්කරුවන් බවට පත්වන්නේ ඔහු සිය මිණිපිරිය උරුමයෙන් නෙරපා හැර තිබූ බැවිනි. මේ අතර පීටර් ලැක්ස්ටර්ගේ හිතෛෂී සේවකයා වන චාල්ස් ඇෂ්ටන් සිය නිදන යහන මත ඝාතනයට ලක්ව තිබෙනු දක්නට ලැබෙන අතර ඔහුගේ සුරතල් බළලා වන “ක්ලින්කර්ගේ” අඩි සටහන් යහන මතත් මළ සිරුරේ නළල මතත් සටහන්ව තිබීම හේතුවෙන් එහි අබිරහස් බව තව තවත් තීව්‍ර වෙයි. ඉන් පසු සිදු වන ඊඩිත් ඩෙවෝයි යුවතියගේ ඝාතනය හේතුවෙන් තත්ත්වය තව තවත් සංකීර්ණය වෙයි. මෙම ත්‍රිත්ව ඝාතනයේ සැකය එල්ල වනුයේ පීටර් ලැක්ස්ටර්ගේ මිණිපිරිය වන විනිෆ්‍රෙඩ්ගේ පෙම්වතා හටය. එල්ලුම් ගසේ තෝණ්ඩුවට හිර වන මෙම අසරණ තරුණයා එම මර උගුලෙන් ගලවා ගැනීමට සුප්‍රකට පෙරී මේසන් හට හැකිවේද?
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.