මසායි දූතිකාව
අප්‍රිකාවේ මහා වනාන්තරයක වෙසෙන, ශිෂ්ට සම්පන්න යයි සම්මත ලෝකයට ප්‍රවිෂ්ට නො වූ ගෝත්‍රික මිනිස් සමූහයක් වෙනුවෙන් වෙහෙසෙන තරුණියක ප්‍රධාන කොට ගනිමින් ලියැවෙන මේ සිදුවීම් දාමය පෙළගැසෙන්නේ, අපේ ඇසට නො පුරුදු පරිසරය පිළිබඳව කතුවරිය අපට දායාද කරන චමත්කාරය ඔස්සේ කියවන්නා විස්මයට පත් කරමිනි. අප්‍රිකානු වනගත පරිසරය, ආගන්තුක චරිත, ස්ථාන හා චරිත හඳුන්වා ඇති නාම, පුදුම සහගත හැසිරීම්, සිරිත්විරිත් පිළිබඳව නිරන්තරයෙන් ස්පර්ශ කරමින් එහිම වෙසෙන අප්‍රිකානු වැසියෙකුට ම මිස, බැහැර කෙනෙකුට නොහැක.
නවකතාවක් යනු කතන්දරයක් කියාගෙන යාම වෙනුවට, ඒ කථාන්තරයේ එන චරිත තුළින් මනුෂ්‍යත්වයේ සැඟවුණු පෙදෙස්වලට තියුණු ආලෝක ධාරාවක් යොමු කර, ඒ මෙසේ මෙසේ යයි දකින්නට සැලැස්වීමය යන අදහස කතුවරිය සිය නිර්මාණය තුළින් සනාථ කර තිබේ.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.