Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / මතක සොයා

මතක සොයා

ප්‍රවර්ග (Genre): නවකතා
About this book

"රෝස කියන්නේ මහම රැවටිලිකාර මල් ජාතියක්...” ඒ හඬ ආවේ අතීතයෙනි. තේජාන් ඒ බව ඒ අතීතයේ කී සැරයක් නම් ඇයට පවසා ඇත් ද?

"මොකද ඔයා එහෙම කියන්නෙ?” ඒ අතීතයේ තමාය.

"රෝස කියන්නෙ කොච්චර ලස්සන මලක් ද?”

"ලස්සනයි සුවඳයි නිසා කී දෙනෙක් ඔය මලට රැවටෙනවද දෙව්? කෙල්ලෙක් ව රවට්ටගන්න ඔය එක රෝස මලක් හොඳටම ඇති.”

ඔහු ඇයට පවසා තිබුනේ වරක් දෙවරක් නොවේ.

"බම්බුව. මලකට පුළුවන්ද අනේ කාවහරි රවට්ටන්න.මට නම් රෝස කියන්නෙ ලස්සන මලක්."

ඒ වෙලාවට ඈ පවසන්නීය. දේවනා ඔහු දෙස බලා උන්නේ ඒ අතීතය සිහිවෙද්දීය.

''මට ඔය මල් පොකුර එපා. ඇරම් ලිලී මල් ටිකක් අරගෙන දෙනවා. ඒ තමයි ඔයාගෙ පනිශ්මන්ට් එක.”

ඔහු කීවේ ඇය තොල් පට සපාගනිද්දීය. ඔහු එවදන් පැවසූ විලාසය ඇගේ සිතට සහනයක් ගෙන ආවේය. මේ නම් ඇගේ තේජාන්ය.

ISBN
9786245671939
පිටු ගණන (Pages)
400
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: මතක සොයා

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.