මිනීමරු ඩැල්ටන් සහෝදරයෝ
නීතිගරුක බව යකාට ගිය ඇමරිකා එක්සත් ජනපද රාජ්‍යයේ චණ්ඩ වූ බටහිර ප්‍රාන්තවල වර්ෂ 1800 කාලයේ පටන් රජ කළේ පිස්තෝලයේ නීතියයි. ඒ හේතුව මත බොහෝ දෙනෙකු ජීවිත ආරක්‍ෂාව සඳහා ගිනිඅවි පාවිච්චි කළහ.
ඒ අතර නීතියට පටහැනි අපරාධකරුවන් වැඩි ප්‍රමාණයක් බිහිවී කිසිදු පාලනයකින් තොරව මංකොල්ලකෑම්, භයානක අපරාධ සහ මිනීමැරුම් කරමින් සාමකාමී පුරවැසියන්ට මහත් වූ භීතියක් පතුරන ලදී.
දුරාචාර සඳහා ආර්ථික වාසි පැතූ අපරාධ කල්ලි හැම ප්‍රාන්තයකම බිහිවූ අතර බැංකු මංකොල්ලකෑම්, තැපැල් දුම්රිය මංකොල්ලකෑම්, කප්පම් ගැනීම සඳහා පුද්ගලයන් පැහැරගෙන යෑම් සහ බිහිසුණු මිනීමැරුම් කිරීමට පෙලඹුනහ.
එම අපරාධ කල්ලි අතර ඉතා භයානක අංක එකේ අපරාධ කල්ලියක් ලෙස ප්‍රකට වූයේ සහෝදරයින් හතරදෙනෙකු එක්ව සංවිධානය කල මිනීමරු ඩැල්ටන් සහෝදරයින්ගේ හොර හවුලයි.
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.