මියෙනා තුරු මා

Special Price රු. 1,760.00 Regular Price රු. 2,200.00
In stock
SKU
miyenaa-thuru-maa-h-s-krishanthi-empire-entertainment

"නෝනේ දුලන් මහත්තයා නෝනට ගොඩාක් ආදරේ.. ඊයේ රෑ පිස්සෙක් වගේ හැසිරුනේ... මුළු ඉස්පිරිතාලෙම දෙවනත් කරා.. එක තප්පරයක් නෝනගෙන් ඇස් අහකට ගත්තේ නෑ.. අයි.සීයූ එක ළඟ එළිවෙනකල් හිටගෙන අර පොඩි රවුමෙන් බලාගෙන අඬනවා.. මං ජීවිතේට එහෙම පිරිමියෙක් විඳවනවා දැක්කෙ නෑ..”

"අනේ.."

"ඔව් නෝනේ අර දුලන් මහත්තයගෙ යාලු දොස්තර මහත්තයා උදේ බොරු ගොඩක් කියලා දුලන් මහත්තයව ගෙදර එව්වේ..නොනට ඇදුමක් ඕනි කියලා..ඒත් අපි ගෙදර ආවා විතරයි පොලිසියෙන් ආවා දුලන් මහත්තයා එක්ක යන්න”

"මොකක්.."

”ඔව්..පොලීසියෙන් ආවේ දුලන් මහත්තයගෙම තාත්තා එක්ක..”

"අනේ එයාවත් දුලන්ව බේරගත්තේ නැද්ද?”

“මොන බේරිලිද  නෝනා.. ඒමිනිහා ගත්කටටම කීවා. මගෙ පුතා උනත් කමක්නෑ වැරද්දක් කරානම් දඩුවම් විදින්න ඕනි.. මූ අපි ඔක්කොවම රැවැට්ටුවා.. හිරේම දාන්න.. දෙන ඕන දඩුවමක් දෙන්න කියලා”

Author එච්. එස්. ක්‍රිශාන්ති - H.S. Krishanthi (3)
Publisher Empire Entertainment (10)
More Information
ISBN 9786246280062
පිටු ගණන 440
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:මියෙනා තුරු මා
Back to Top