Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / මොනර කුටුම්බය - නවකතාව

මොනර කුටුම්බය - නවකතාව

ප්‍රකාශක (Publisher): කර්තෘ ප්‍රකාශන - Self Published
ප්‍රවර්ග (Genre): නවකතා
About this book

එදින රැයේ නිදි යහනට ගොඩ වැදුණ සද්ධා තමන්ගේ බඳ පෙදෙසට අතක් දමා තමන්ට තුරුළු වන්නට දැරූ උත්සාහය සිතුවම්පටක් සේ මහේෂිගේ මනසේ මැවෙන්නට වූයේය. සද්ධාගේ අත සෙමින් ඉවතට දමා දැන් නිදාගන්න...” යැයි කියමින් තමන් ද සයනයේ අනෙක් පසට හැරුණ අයුරු මහේෂිට මතකය. එතැන් සිට සද්ධා ටිකෙන් ටික හුදෙකලා වන්නට උත්සාහ කළ අයුරු මහේෂිට දැන්..දැන් නිරවුල්ව සිහිපත් වන්නට විය.

පාදඩ ගැහැනිය පිනිදි හැඳ සිටි ගවුමේ ඉදිරි පලු දෙක දෙපසට ඇද ඉරා දැම්මේ සිය ගොදුරේ ළය දෙපළු කරන තරම් සැහැසි අයුරිනි. කොරිඩෝවේ මළානික ආලෝකයෙන් ගැහැනියට, පිනිදිගේ පිරිපුන් ළමැද පෙනේ. බිඳකුදු සලිත නොවන ඇගේ කෑදර, කාමුක දෙනෙත් එකපැහැර යොමු වී තිබුණේ පිනිදීගේ තුණුසපුව දෙසට ය.

තමන් ගිරයට අසු වූ පුවක් ගෙඩියක් මෙන් ගෙල මුලින්ම සිර වී ටිකෙන් ටික කැපී වෙන් වී යන්නට පටන් ගෙන ඇතැයි සද්ධාට හැගේ. ඒත් සමග සිය ආදරණීය බිරිඳ මහේෂිගේ හා පණ වැනි ආදරණීය දියණි දිල්මිගේ රූප සද්ධාගේ මනසේ එකපිට එක මැවෙන්නට පටන් ගත්තේය. ඔහුගේ දෑසට කඳුළු බිඳු පිරෙන්නට වූයේ එසැණින්ය.

"තමුන්ගේ නම මොකක්ද..?” ඉස්පැක්ටර්වරයාගේ ගොරෝසු හඬින් සද්ධා යළි මොලොවට විසි වී ආවේය.

”මේක විශාල මානුෂීය ප්‍රශ්නයක්. අපේ රටේ හුගක් පවුල් ඇතුළේ හුඟාක් ප්‍රශ්න පටන් ගන්නේ මෙන්න මෙතැනින්. මොකද මේ සම්බන්ධයෙන් ගැහැනු, පිරිමි දෙගොල්ලන්ටම හරි අවබෝධයක් නැතිකම හින්දා. ඒ හින්දා මිනීමරා ගන්නවා. හිරේ විලංගුවේ වැටෙනවා. දික්කසාද වෙනවා. දරුවෝ අනාථ වෙනවා. ඒ නිසා මේ වගේ ප්‍රශ්න දිහා අපි බලන්ඩ ඕනේ බොහෝම උපේක්ෂාවෙන්..”

ISBN
9789554237520
පිටු ගණන (Pages)
280
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: මොනර කුටුම්බය - නවකතාව

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.