මොනර කුටුම්බය - නවකතාව

Special Price රු. 990.00 Regular Price රු. 1,100.00
Out of stock
SKU
monara-kutumbaya-anura-horeshas-kathru

එදින රැයේ නිදි යහනට ගොඩ වැදුණ සද්ධා තමන්ගේ බඳ පෙදෙසට අතක් දමා තමන්ට තුරුළු වන්නට දැරූ උත්සාහය සිතුවම්පටක් සේ මහේෂිගේ මනසේ මැවෙන්නට වූයේය. සද්ධාගේ අත සෙමින් ඉවතට දමා දැන් නිදාගන්න...” යැයි කියමින් තමන් ද සයනයේ අනෙක් පසට හැරුණ අයුරු මහේෂිට මතකය. එතැන් සිට සද්ධා ටිකෙන් ටික හුදෙකලා වන්නට උත්සාහ කළ අයුරු මහේෂිට දැන්..දැන් නිරවුල්ව සිහිපත් වන්නට විය.

පාදඩ ගැහැනිය පිනිදි හැඳ සිටි ගවුමේ ඉදිරි පලු දෙක දෙපසට ඇද ඉරා දැම්මේ සිය ගොදුරේ ළය දෙපළු කරන තරම් සැහැසි අයුරිනි. කොරිඩෝවේ මළානික ආලෝකයෙන් ගැහැනියට, පිනිදිගේ පිරිපුන් ළමැද පෙනේ. බිඳකුදු සලිත නොවන ඇගේ කෑදර, කාමුක දෙනෙත් එකපැහැර යොමු වී තිබුණේ පිනිදීගේ තුණුසපුව දෙසට ය.

තමන් ගිරයට අසු වූ පුවක් ගෙඩියක් මෙන් ගෙල මුලින්ම සිර වී ටිකෙන් ටික කැපී වෙන් වී යන්නට පටන් ගෙන ඇතැයි සද්ධාට හැගේ. ඒත් සමග සිය ආදරණීය බිරිඳ මහේෂිගේ හා පණ වැනි ආදරණීය දියණි දිල්මිගේ රූප සද්ධාගේ මනසේ එකපිට එක මැවෙන්නට පටන් ගත්තේය. ඔහුගේ දෑසට කඳුළු බිඳු පිරෙන්නට වූයේ එසැණින්ය.

"තමුන්ගේ නම මොකක්ද..?” ඉස්පැක්ටර්වරයාගේ ගොරෝසු හඬින් සද්ධා යළි මොලොවට විසි වී ආවේය.

”මේක විශාල මානුෂීය ප්‍රශ්නයක්. අපේ රටේ හුගක් පවුල් ඇතුළේ හුඟාක් ප්‍රශ්න පටන් ගන්නේ මෙන්න මෙතැනින්. මොකද මේ සම්බන්ධයෙන් ගැහැනු, පිරිමි දෙගොල්ලන්ටම හරි අවබෝධයක් නැතිකම හින්දා. ඒ හින්දා මිනීමරා ගන්නවා. හිරේ විලංගුවේ වැටෙනවා. දික්කසාද වෙනවා. දරුවෝ අනාථ වෙනවා. ඒ නිසා මේ වගේ ප්‍රශ්න දිහා අපි බලන්ඩ ඕනේ බොහෝම උපේක්ෂාවෙන්..”

Author අනුර ‌හොරේෂස් - Anura Horeshas (4)
Publisher කර්තෘ ප්‍රකාශන - Self Published (660)
More Information
ISBN 9789554237520
පිටු ගණන 280
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:මොනර කුටුම්බය - නවකතාව
Back to Top