Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / මොරියෝ ගීතය

මොරියෝ ගීතය

ප්‍රවර්ග (Genre): නවකතා
About this book

ඩෝරා කෙතරම් අනුකම්පාවෙන් ඔහු දෙස බලා සිටියද ඇගේ ඇස්වල ඇති සරාගී බව දැඩිව ඉස්මතු වේ. ලියෝ ඇයගේ ඇස් දෙසත්, කැරලි කොන්ඩය දෙසත් වේදනාව මැදින් මඳ වේලාවක් බලා සිටියේය. මොහොතකින් ඔවුනොවුන් කොටු පවුර මත ගෙවුණු චී සොඳුරු මොහොතට දෙදෙනාගේම මතකයන් ගෙන ගියේය.

මොරියෝව සිසාරා හමා ආ ඒ සීතල සුළඟේ ලෙළදුණු කෙහෙරැලි ඇගේ මුව මත දඟ කළ ආකාරය ලියෝට සිහි විය. සිදුවන්නට යන දේ සිතාගත නොහැකිව සිටි ලියෝ සියලු භීතිය මඳකට අතහැර දමා සිසිල් සුළඟට ඒ මේ අත දඟ කළ ඩෝරාගේ කෙහෙරැලි හිසේ පිටුපසට සිටින සේ ඇගිලි තුඩුවලින් ගොනුකර තැබුවේය. ඉන්පසු දෑතින්ම ඇගේ දෙකම්මුල් අල්ලා ඔහු වෙතට ළං කරගත් ඒ උණුසුම ඩෝරාටද සිහි විය. 

රජ බිසවකගේ දෙතොල් කුළුඳුලේ සිප ගැනීමට තරම් ඈත කූනීස් දේශයේ වෙළද පවුලක කඩවසම් පුතෙකුට හැකි වීම පුදුමයකි. කෙසේ වෙතත් ඩෝරා ඔහුව විශේෂ කර සැලකීමට හේතුව ලියෝටද තවමත් අබිරහසකි.

ISBN
9786246417543
පිටු ගණන (Pages)
139
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: මොරියෝ ගීතය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.