Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / මොස්කව් පෙරළිය
About this book

රුසියාවේ කොමියුනිස්ට් පාලනය බිඳ වැටීමෙන් පසු 2000 ජනවාරි මස 16වන දින පැවැත්වීමට නියමිතව තිබූ ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ ජනප්‍රිය දේශපාලනඥයෙකුගේ රහස් ප්‍රතිපත්ති ප්‍රකාශනය අස්ථාන ගතවෙයි.

බ්‍රිතාන්‍ය තානාපති කාර්යාලටය ලැබුණු එම නැති වූ ලියවිල්ලෙන් රහස් රැසක් හෙළි වෙයි. ඒ වනවිට ඉතා ජනප්‍රියව සිටි මෙම අපේක්ෂකයාගේ ජයග්‍රහණය නිසැක බව සියල්ලන්ගේ මතය විය. ජනතාවට ව්‍යාජ චිත්‍රයක් මවා පා බලයට පත් වූ පසු වහල් කඳවුරු නැවත පිහිටුවීම, ඒක පක්ෂ රජයක් ඇති කිරීම, පැරණි සෝවියට් සංගමයට අයත් පසුව ස්වාධීන වූ රටවල් ආක්‍රමණය කොට යළි ඇඳා ගැනීම, සුළු ජන වර්ග සමූල ඝාතනයය ආදි වශයෙන් ඔහු සිදුකිරීමට බලාපොරොත්තු වන දෑ පිළිබඳව සංවේදී තොරතුරු රැසක් එයින් හෙළිවේ.

රුසියාවට ඇතුළුවන බ්‍රිතාන්‍ය හා ඇමෙරිකානු ඔත්තු සේවා නිලධාරීන් දෙදෙනෙකු විසින් මැතිවරණය පැවැත්වෙන දිනය දක්වා ඉතිරිව තිබූ කෙටි කාලය තුළ ඔහුගේ ජනප්‍රියතාවය හීන කිරීමට යොදන සූක්ෂ්ම උපක්‍රම මගින් මෙම ජනාධිපති අපේක්ෂකයාගේ ජයග්‍රහණය වලකාලීමට හැකිවේද? එහිදී ඔවුන් මුහුණ දෙන භයානක සිදුවීම් අතරින් ඔවුනට ජීවිත ගලවාගෙන ආපසු ඒමට හැකිවේද…?

ISBN
9789556562835
පිටු ගණන (Pages)
595
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: මොස්කව් පෙරළිය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.