පොළොව හොල්ලාගෙන ගිය බස් රථය තට්ටු ගණන් උස ගොඩනැගිලි අතරේ අඟුටුමිට්ටෙක් වූවේ ය. ඉස්සරින් ද පස්සෙන් ද වට කර ගත් වාහන කඩි රැලට බිය වූවාක් මෙන් වේගය අඩු වූවේ ය. හංදියක් හංදියක් ගානේ නවතින්නට ද වූවේ ය. හතර වටේ බලමින් ගිය පියසිරි යාබද අසුනේ සිටි හේමරත්න සර් දෙස බැලුවේ ය. සර් වගක් නැතුව නිදා සිටියේ ය.
මහා නැවතුම් පොළකට පැමිණි බස් රථය නතර වූවේය.
“සර්… සර්. බස් එක කොළඹට ඇවිත්ලු. දැන් නැඟිටින්න… නැඟිටින්න.”
පියසිරි කලබල වූවේ ය.
තිගැස්සී අවදි වූ හේමරත්න, “හරි… හරි… ඉක්මනට යං ගෑස්පහට ගිහින් එකසිය හතළිස් පහක් අල්ලාගන්න ඕනෑ,” කියමින් බසයෙන් බැසගත්තේ ය.
“කිරි අප්පච්චියේ… සර් මහ ලොකු ටවුමක්නෙ.”
“පාර බලාගෙන යමං මෙහෙ වාහන වැඩියි.”
ගෑස්පහට ගිහින් එකසිය හතළිස් පහක් අල්ලාගන්න ආකාරය දැකගැනීමේ කුතූහලයෙන් යුතුව පියසිරි, හේමරත්න මහතාගේ පසුපස දුවන්නට වූවේ ය.
Details
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.