Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / My ගෝඩ්

My ගෝඩ්

About this book

'' මගේ දෙයියෝ.. සුභ ආරංචියක්..''

ඇගේ පියයුරු තුඩු දුහුල් සළු අතරින් මගේ නග්න ළය මඬල ස්පර්ශ කරයි. මට කිතියක් දැනේ. පිඹුරු තඩියකු මෙන් ඈ මා වෙළාගෙන ඇත. ගනේෂ් හා බුද්ධි විමතියෙන් අප දෙස බලා හිඳී. විනාඩි කිහිපයක් ගත වෙද්දී වල්ලී මා සිය ග්‍රහණයෙන් මුදා හැර, උපාසක බැළලියක් මෙන් මා දෙස බලා හිඳී. ඇය කිරි වෙහෙර දෙසට දොහොත් මුදුන් දී නමස්කාර කොට මට යමක් කියයි.

'' ත්‍රිවිධ රත්නයේ ආනුභාවයෙන් අපට දරු පැටියෙක්.. "

මගේ සිරුරේ සියළු රෝම කූප උඩු අතට පිහිටා ඇත. ඒ අතර බුද්ධි ගනේෂ් වෙත ඇසක් ඉඟි මරයි.
'' මහසෙන්නට හොඳටම දාඩිය දාලා. ''
ගනේෂ් එසේ කියන අතරේ වල්ලිගේ සිත මොහොතකට ගැස්සේ. 
ඇය දෑස් පළල් කොට මා දෙස බලයි.
" වළ පයයි, ගොඩ පයයි තියා දරු සුරතල් බලන්ට ලැබෙන එකත් නරක නැහැ.. "
" අවකැපෙන වචන කියන්ට එපා.. සදෙව් ලෝකෙ හැමෝටම වගේ මේ දවස්වල දාඩිය දානවා. සමහර විට ඕසෝන් ස්ථරය නිසා ඇතිවෙන ප්‍රශ්නයක් වෙන්ටත් බැරි නැහැ.."


ISBN
9786245626120
පිටු ගණන (Pages)
216
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: My ගෝඩ්

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.