Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / නාඳුනන යුවතිය
About this book
ජූනි 26 වෙනිදා අලුයම දෙකට පේරලන්ද පොලිස් වසමට අයත් දහඅටේ කණුව ප්‍රදේශයෙන්නාඳුනන තරුණියක් දුම්රියට පැන සියදිවි නසාගෙන තිබේ. අදාල යුවතියගේ හිසට සිදුවූ බරපතල තුවාල නිසා ඇතිවූ ලේ වහනය හා කම්පනයෙන් මරණය සිදුව ඇති බවට පශ්චාත් මරණ පරීක්ෂණ වාර්ථාවේ සඳහන්ව තිබිණ.

"මිනිය බලන ඕන කෙනෙකුට තේරෙනවනෙ ඔළුවට වෙච්ච තුවාල නිසා මරණය සිද්ධ වෙච්ච බව... ප්‍රශන්ය ඒක නෙමේ සාජන්.... මේ ළමයා කාගෙ කවුද කියලා අඳුරගන්න ක්‍රමයක් නැති එක... ඔනම ගෑනු ළමේක් ගෙදරින් එළියට බහිනකොට සල්ලි ටිකක් දාගෙන යන පර්ස් එකක්වත් ගෙනියනවා..... මේ ළමයා ළඟ එහෙ දෙයක්වත් නැහැ......"
පරීක්ෂණය භාරව උන් විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති හිරන්ත දවුලගල මහතා කීවේය.
"ඒකනෙ සර්...... මේ ළමයා අඩුම තරමෙ ට්‍රේන් එකට පනින්න කළින් ලියුමක්වත් ලියල නෑනෙ...."
ජනක පත්බේරිය සාජන්වරයා කීවේය.
"පුදුමෙ ඒක නෙමේ සාජන්... පහුගිය ටිකේ ඉන්ටර්නෙට් එකේ ෆොටෝස් එක්ක පළවුණේම මේ සිද්ධියනෙ... ඒත් මේ ළමයා අඳුරන කවුරුවත් ඉදිරිපත් වුණේ නෑ... මේ සිද්ධියේ සුලමුල හොයන එක අපට ලේසි වෙන්නෙනෑ.... "
දවුලගල මහතා කල්පනාබරව කීවේය. .

ISBN
9789550225453
පිටු ගණන (Pages)
248
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: නාඳුනන යුවතිය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.