නාඳුනන යුවතිය

Special Price රු. 486.00 Regular Price රු. 540.00
Out of stock
SKU
nadunana-yuwathiya-monika-pushpakumari-warna-graphic
Author මොනිකා පුෂ්ප කුමාරි - Monika Pushpa Kumari (44)
Publisher වර්ණ ග්‍රැෆික් සහ ප්‍රකාශන - Warna Graphic & Publications (55)
ජූනි 26 වෙනිදා අලුයම දෙකට පේරලන්ද පොලිස් වසමට අයත් දහඅටේ කණුව ප්‍රදේශයෙන්නාඳුනන තරුණියක් දුම්රියට පැන සියදිවි නසාගෙන තිබේ. අදාල යුවතියගේ හිසට සිදුවූ බරපතල තුවාල නිසා ඇතිවූ ලේ වහනය හා කම්පනයෙන් මරණය සිදුව ඇති බවට පශ්චාත් මරණ පරීක්ෂණ වාර්ථාවේ සඳහන්ව තිබිණ.

"මිනිය බලන ඕන කෙනෙකුට තේරෙනවනෙ ඔළුවට වෙච්ච තුවාල නිසා මරණය සිද්ධ වෙච්ච බව... ප්‍රශන්ය ඒක නෙමේ සාජන්.... මේ ළමයා කාගෙ කවුද කියලා අඳුරගන්න ක්‍රමයක් නැති එක... ඔනම ගෑනු ළමේක් ගෙදරින් එළියට බහිනකොට සල්ලි ටිකක් දාගෙන යන පර්ස් එකක්වත් ගෙනියනවා..... මේ ළමයා ළඟ එහෙ දෙයක්වත් නැහැ......"
පරීක්ෂණය භාරව උන් විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති හිරන්ත දවුලගල මහතා කීවේය.
"ඒකනෙ සර්...... මේ ළමයා අඩුම තරමෙ ට්‍රේන් එකට පනින්න කළින් ලියුමක්වත් ලියල නෑනෙ...."
ජනක පත්බේරිය සාජන්වරයා කීවේය.
"පුදුමෙ ඒක නෙමේ සාජන්... පහුගිය ටිකේ ඉන්ටර්නෙට් එකේ ෆොටෝස් එක්ක පළවුණේම මේ සිද්ධියනෙ... ඒත් මේ ළමයා අඳුරන කවුරුවත් ඉදිරිපත් වුණේ නෑ... මේ සිද්ධියේ සුලමුල හොයන එක අපට ලේසි වෙන්නෙනෑ.... "
දවුලගල මහතා කල්පනාබරව කීවේය. .

More Information
ISBN 9789550225453
පිටු ගණන 248
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:නාඳුනන යුවතිය
Back to Top