ප්‍රාදේශීය සභා සහ නාගරික සංවර්ධන අධිකාරියට අදාළ නීති සහ රෙගුලාසි
ප්‍රාදේශීය සභා නම් වු ආයතන තුළින් ජනතාවගේ දෛනික ජීවිතවලට ඉමහත් බලපෑමක් ඇති කරන්නාවූ කර්තව්‍යයන් සිදුකරනු ලැබේ.බ්‍රිතාන්‍ය පාලන සමයේ පටන් පැවති පළාත් පාලනආයතන වල ව්‍යුහය (1987) අංක (15) දරන ප්‍රාදේශීය සභා පනත හඳුන්වාදීමෙන් අනතුරුව සෑහෙන දුරකට වෙනස් වූ බව අතිශයෝක්තියක් නොවේ.
දැනට දශක හතරකට ආසන්න කාලයක් මෙම පනත යටතේ දක්වා ඇති බලතල මෙම ආයතන තුළින් ක්‍රියාත්මක කරනු ලබන අතර, විශේෂයෙන් මංමාවත් නඩත්තු කිරීම, ප්‍රයෝජනයට ගැනීම, මහජන සෞඛ්‍යයට අදාළ අත්‍යවශ්‍ය කර්තව්‍යයන්, ජලප්‍රවාහනය, පොදු උපයෝගීතා, වෙළඳ පොළවල් නඩත්තු කිරීම්, වරි පනම් සහ බදු අය කර ගැනීම්යන විෂයයන් රැසක් ඔස්සේ ජන ජීවිතයට සෘජුවම බලපාන්නා වූ අභිමතාර්ථයන් ඉටුකර ගැනීම උදෙසා අවශ්‍ය වන්නා වූ අරමුදල් උත්පාදනය කිරීමටද සුවිශේෂී බලතල රැසක් ප්‍රාදේශීය සභා සතුව ඇත.
මහජනතාව විසින් බොහෝ දුරට මෙම ආයතන දකින්නේ දේශපාලන බලය ක්‍රියාත්මක කරන ආයතන වශයෙනි. මෙය වැරදි සම්මතයක් වන අතර, අවාසනාවට මෙන්ම ප්‍රාදේශීය සභාවන් නියෝජනය කරන්නාවූ ජනතා නියෝජිතයන් රැසකටද ප්‍රාදේශීය සභා පනත් හා රෙගුලාසි සම්බන්ධයෙන් පූර්ණ දැනීමක් නොමැති අතර, ඒ අනුව ප්‍රාදේශීය සභාවකට ඉටුකළ හැකි කර්තව්‍යයන් එකී තත්ත්වයන් යටතේ මනා ලෙස පරිපූර්ණ කිරීමට හැකි නොවන බව පෙනෙන්නට ඇත.
මෙවන් තත්ත්වයක් යටතේ නීතිඥ සුගත් හඳුන්ගේ මහතා විසින් සම්පාදනය කොට ඇති ප්‍රාදේශීය සභාවලට අදාළ නීති සහ රෙගුලාසි ඇතුළත් මෙම සම්පාදනය මා ඉතා අගය කොට සලකමි. විශේෂයෙන් ප්‍රාදේශීය සභාවල නෛතික බලය, බල ශ්‍රේෂ්ත්‍රය හා එම ආයතන ආයතන වල තීරයන් හි නෛතික වලංගුතාවය අධ්‍යායනය කරන ඕනෑම තැනැත්තෙකුට සහ විශේෂයෙන් ප්‍රාදේශීය සභාවල සේවයේ නියුක්ත නිලධාරීන්ට මෙන්ම නීතිඥවරුන්ටද මෙම සම්පාදනය අත්වැලක් වනු ඇත.
ප්‍රාදේශීය සභා බලතල ක්‍රියාත්මක කිරීමේදී ඒහා සමගාමීව අදාළ වන නාගරික සංවර්ධන අධිකාරි පනත් යටතේ ඇති ප්‍රතිපාදන වලට ද නීතිඥ සුගත් හඳුන්ගේ මහතා විසින් අවධානය යොමු කර ඇති අතර, එයද අධ්‍යයන කටයුතු උදෙසා අතිහයින් වැදගත් වනු ඇත.
ප්‍රාදේශීය සභා සභිකයකු ලෙස මා ඔහු හඳුනාගන්නේ දිවංගත ලලිත් ඇතුළත් මුදලි මහතාගේ කාර්යාලයේ පැවැති මහපොළ උපාධිධාරී පදනමේ ක්‍රියාකාරිකයෙකුව සිටි අවධියේය. ඔහු එවකට නීති ශිෂ්‍යයෙකි.
නීතිඥ සුගත් හඳුන්ගේ මහතා නීතිය සම්බන්ධයෙන් පුළුල් දැනුමක් ඇති නීතිඥවරයෙකු වන අතර තමන් සතු දැනුම නොපැකිළිව බෙදා දීමට ඉදිරිපත් වන අයෙකු වශයෙන් හැඳින්විය හැක.
මෙම සම්පාදනය එළිදැක්වීම සම්බන්ධයෙන් මාගේ සුබ පැතුම් ප්‍රකාශ කරන අතර අනාගතයේදීද මෙවන් ධෛර්ය හා ශක්තිය ලැබේවා යැයි මම එක සිතින් ප්‍රාර්ථනා කර සිටිමි.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.