Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / 20 Percent Discount / නීතියෙහි ප්‍රායෝගික භාවිතය

නීතියෙහි ප්‍රායෝගික භාවිතය

ප්‍රවර්ග (Genre): නීතිය
About this book

නීතියෙහි ප්‍රායෝගික භාවිතය” නමැති මෙම ග්‍රන්ථයේ කතුවර මංජුල කරුණාරත්න කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදි සිසුවෙකි. 1998 වසරේ වාණිජ විෂය ධාරාවෙන් විශ්ව විද්‍යාල වරම් ලැබූ ඔහු ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කළමනාකරණ හා වාණිජ විද්‍යා පීඨයට මෙන්ම ඊට සමාන්තරව නීති විද්‍යාලයට ඇතුළත් ව 2004 වර්ෂයේ දී උපාධිධාරියෙකු වශයෙන් මෙන්ම නීතිඥවරයෙකු වශයෙන් ස්වකීය අධ්‍යාපන සහ වෘත්තීය සුදුසුකම් සපුරා ගන්නා ලදී. ඉන් අනතුරුව ජ්‍යෙෂ්ඨ නීතිඥ වරුණ සේනාධීර මහතා යටතේ වසර 07 ක කාලයක් නීතිඥවරයෙකු වශයෙන් කටයුතු කොට 2011 වර්ෂයේ අධිකරණ සේවයට බැඳී පානදුර, මාතර, හම්බන්තොට සහ ගම්පහ අධිකරණයන්හි මහේස්ත්‍රාත්වරයෙකු වශයෙන් මෙන්ම දිසා විනිසුරුවරයෙකු වශයෙන් ද සේවය කරන ලද අතර, වර්තමානයේ අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ මහේස්ත්‍රාත්වරයා වශයෙන් සේවය කරයි.

නීති ප්‍රතිපාදනයන්හි ප්‍රායෝගික භාවිතය පිළිබඳ ව හෙළ බසින් ලියැවී ඇත්තේ ග්‍රන්ථයන් සුළු ප්‍රමාණයක් වන අතර, මා විසින් සැමදා අගයන ලද ඔහුගේ විශ්ලේෂණාත්මක හැකියාවන් න්‍යායාත්මක හා ප්‍රායෝගික දැනුමට එක්කර කතුවරයා විසින් සම්පාදනය කරන ලද මෙම ග්‍රන්ථය අප සියලු දෙනාට ම බෙහෙවින් ප්‍රයෝජනවත් වනු නොඅනුමාන ය.

දමිත් තොටවත්ත මහාධිකරණ විනිසුරු

ISBN
9786245946259
පිටු ගණන (Pages)
304
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: නීතියෙහි ප්‍රායෝගික භාවිතය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.