නෙතට කඳුළක්
කතා රසය පිළිබඳව අදහස් අප තුළ වැඩෙන්නට පටන් ගන්නේ කුඩා කල අප වැඩිහිටියන්ගෙන් ඇසූ කතා ඇසුනි. කල්පිතයත්, යථාර්ථයත් මුසුකොට ගත් එම කතා අපේ ළමා ලෝකය පුරවාලයි. එහෙත්, එම කතා වැඩිවියට පත්වෙත්ම අපේ මතකයෙන් කෙමෙන් ගිලිහී ගිය ද, එමඟින් අප ලැබූ චමත්කාරය දිවි ඇති තෙක් වරින් වර අකුණු සැර පරිද්දෙන් මතුවෙයි. මෙවැනි අත්දැකීම් වැඩිහිටි කලාකරුවකු අතින් කෙටිකතාවක් ලෙස බිහිවන්නේ කලාතුරෙකිනි. චම්මින්ද වෙලගෙදරගේ 'නෙතට කඳුළක්’ කෙටිකතා සංග්‍රහය මා දකින්නේ අප කලින් සඳහන් කළ කරුණට කදිම නිදසුනක් පරිද්දෙනි. බොහෝ විට අප ලෝකය දෙස බලන්නේ අනුන්ගේ ඇස්වලිනි. අපේම ඇස්වලින් ලෝකය දෙස බලන්නට එතරම් තැතක් නොදරන්නේ අපේ ලෝකයේ අපට වඩා අනුන් සිටින නිසාය. චම්මින්ද ලෝකය දෙස බලන්නේ ඔහුගේම ඇස්වලිනි. සරල බවින් හා සිත්ගන්නාසුලු ආකාරයට තම අතීත මතකයන් මුසු කරමින් රසවත් කතා ගොතන්නට චම්මින්ද සමතෙකි.
යෞවන අවදියේ සිටම තම අදහස් ප්‍රකාශනයට ලේඛනය උපයෝගී කොටගත් චම්මින්ද වෙලගෙදරගේ මුල්ම නිර්මාණාත්මක කෘතිය ලෙස ‛නෙතට කඳුළක්’ කෙටිකතා සංග්‍රහය පාඨක ලෝකයාට හඳුන්වා දෙනු කැමැත්තෙමි. මෙම කෙටිකතා සංග්‍රහය තුළ මා දකින විශේෂත්වය වන්නේ කෙටිකතාකරුවකු ලෙස චම්මින්ද වෙලගෙදර තුළ ඇති නිරීක්‍ෂණාක්‍ෂිය සමඟ මුසු වූ නිර්මාණ ශක්තියේ ඇති අකාලික බවයි.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.