නෙතට කඳුළක්

Special Price රු. 760.00 Regular Price රු. 950.00
Out of stock
SKU
nethata-kandulak-chamminda-welagedara-surasa-fast

කතා රසය පිළිබඳව අදහස් අප තුළ වැඩෙන්නට පටන් ගන්නේ කුඩා කල අප වැඩිහිටියන්ගෙන් ඇසූ කතා ඇසුනි. කල්පිතයත්, යථාර්ථයත් මුසුකොට ගත් එම කතා අපේ ළමා ලෝකය පුරවාලයි. එහෙත්, එම කතා වැඩිවියට පත්වෙත්ම අපේ මතකයෙන් කෙමෙන් ගිලිහී ගිය ද, එමඟින් අප ලැබූ චමත්කාරය දිවි ඇති තෙක් වරින් වර අකුණු සැර පරිද්දෙන් මතුවෙයි. මෙවැනි අත්දැකීම් වැඩිහිටි කලාකරුවකු අතින් කෙටිකතාවක් ලෙස බිහිවන්නේ කලාතුරෙකිනි. චම්මින්ද වෙලගෙදරගේ 'නෙතට කඳුළක්’ කෙටිකතා සංග්‍රහය මා දකින්නේ අප කලින් සඳහන් කළ කරුණට කදිම නිදසුනක් පරිද්දෙනි. බොහෝ විට අප ලෝකය දෙස බලන්නේ අනුන්ගේ ඇස්වලිනි. අපේම ඇස්වලින් ලෝකය දෙස බලන්නට එතරම් තැතක් නොදරන්නේ අපේ ලෝකයේ අපට වඩා අනුන් සිටින නිසාය. චම්මින්ද ලෝකය දෙස බලන්නේ ඔහුගේම ඇස්වලිනි. සරල බවින් හා සිත්ගන්නාසුලු ආකාරයට තම අතීත මතකයන් මුසු කරමින් රසවත් කතා ගොතන්නට චම්මින්ද සමතෙකි.

යෞවන අවදියේ සිටම තම අදහස් ප්‍රකාශනයට ලේඛනය උපයෝගී කොටගත් චම්මින්ද වෙලගෙදරගේ මුල්ම නිර්මාණාත්මක කෘතිය ලෙස ‛නෙතට කඳුළක්’ කෙටිකතා සංග්‍රහය පාඨක ලෝකයාට හඳුන්වා දෙනු කැමැත්තෙමි. මෙම කෙටිකතා සංග්‍රහය තුළ මා දකින විශේෂත්වය වන්නේ කෙටිකතාකරුවකු ලෙස චම්මින්ද වෙලගෙදර තුළ ඇති නිරීක්‍ෂණාක්‍ෂිය සමඟ මුසු වූ නිර්මාණ ශක්තියේ ඇති අකාලික බවයි.

Author චම්මින්ද වෙලගෙදර - Chamminda Welagedara (3)
Publisher සුරස - Surasa (fast publishing) (614)
More Information
ISBN 9786242040349
පිටු ගණන 167
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:නෙතට කඳුළක්
Back to Top