නිහඬ හඬ
ලොව සුපතළ සාහිත්‍යවේදී කොන්ස්තන්තීන් පව්තොව්ස්කි සමාජමය අනුභූතීන් සමාන කරන්නේ රන් සුනුවලටය. ඔහුට අනුව නිර්මාණකරුවා වනාහී එම රන්සුනු එකතු කොට එයින් රන් රෝස මලක් නිමවන්නෙකි. සමස්ත ඉතිහාසය කෙසේ වෙතෙත් අවම වශයෙන් ගෙවුණු වසර සියයක ලංකාවේ ඉතිහාසය ගත්තද, එය නිර්මාණ අනුභූතීන්ගේ රන් සුනු පිරුණු රන් ආකරයකි. ලෝකයේ දැවැන්තම ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය ලෙස නම් දරා ඇති වාමාංශීක ව්‍යාපාරයක නැගීම, එහි පරිහානිය, දැවැන්ත ජනතා අරගලය, හර්තාල, වීප්ලවීය නැගි සිටීම දෙකක සහ තිස් අවුරුදු සිවිල් යුද්ධයක අත්දැකීම් අප සතුය. ඒවා විශිෂ්ත කලා නිර්මාණ උදෙසා මූල බීජ සපයයි.
එනමුදු ලංකාවේ සාහිත්‍යය ප්‍රමුඛ කලාව එම ඉතිහාසයට ඉහළින් අහසේ ලඹ දෙන්නක් විනා පොළොවෙන් රන් සුනු අහුලාගන්නා ප්‍රවණතාවක් බවට පත් වූ අවස්ථා එතරම් සුලබ නොවේ. සුජාතා අලහකෝන් ලේඛිකාවගේ මෙම නිර්මාණය ඒ දුලබ සාහිත්‍ය අත්දැකීම් ගොන්නට කෙරෙන එකතු කිරීමි. 1980 දශකය අග භාගයේ සිදු කෙරුණු වීප්ලවීය නැගීටිම් වලට සම්බන්ධ සිදුවීම් සහ මිනිස් සබඳතා සාහිතයමය ලෙස ප්‍රතිනිර්මාණය කිරිමකි. මෙය එම දේශපාලන අත්දැකීමේ තවත් පැතිකඩක් පිළිබඳ සමාජ සංවාදයක් සඳහා නිමිත්තක් සපයනු ඇති බව අපේ විශ්වාසයයි.
- පුබුදු ජයගොඩ -
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.