නිල් කුරුල්ලා

Special Price රු. 144.00 Regular Price රු. 160.00
Out of stock
SKU
nil-kurulla-chandrasena-de-silva
මුද්‍රණයේ පවතී ද? මෙම ග්‍රන්ථය මාස 6ක පමණ කාලයක් තිස්සේ තොග ලැබී නැත. බොහෝ විට මුද්‍රණයේ නොමැති වීමට ඉඩ ඇත.
Author චන්ද්‍රසේන ද සිල්වා - Chandrasena De Silva (3)
"සිනාසෙන දියමන්තිය" පුදුම සහගත එකකි. එය ස්පර්ශ කල සෑම කෙනෙක්ම මැරී වැටෙන තුරු මහා හඬින් සිනාසීමට පටන් ගන්නේය! එහෙත් මේ දියමන්තිය සොරා ගනීමට, බිහිසුණු, ශූර වීර චෞරයකු උත්සාහ කරයි. නිල් කුරුල්ලාට ඕනෑම ආරක්ෂිත වානේ සේප්පුවක් විවෘත කිරීමට ගත වන්නේ ඔබට සාඩින් ටින් එකක් විවර කිරීමට යන කාලයට වඩා සුලු කාලයකි. අති දක්ෂ සොරුන් පිළිබඳව ලියැවුණු මෙම ත්‍රාසජනක නවකතාව කියවා අවසන් වනතුරු ඔබේ සිතට කිසි සැනසීමක් නොලැබෙනු ඇත! ජීවිතය පරදුවට තබා ක්‍රියා කරන සොරුන්ගේ වික්‍රමයන් පිළිබඳව සහ බිහිසුණු හොරහවුල් පිළිබඳව ත්‍රාසජනක නවකතා ලිවීමේ උපන් ශුරයෙකු වූ චන්ද්‍රසේන ද සිල්වා ත්‍රාසය, භීතිය සහ ප්‍රීතිය සම්පුර්ණයෙන්ම ගෙනදීම සඳහා "නිල් කුරුල්ලා" ඉතා අභිමානයෙන් ඔබ වෙත ඉදිරිපත් කරයි!
Back to Top