නිම්නයේ දෝංකාරය
"නිම්නයේ දෝංකාර" නම් වූ නවකතාවේ මුඛ්‍ය කතා වස්තුව වනුයේ තුන්කොන් ප්‍රේමයක් මතින් ගලා යන මානව පුවතකි. එහි විදුහල්පති බන්දු, තම රූමත් බිරිඳ රූපා හා කැනේඩියානු ජාතික ඉංග්‍රීසි ගුරුවරියක් වූ රූමත් රෝසී එම තුන්කොන් ප්‍රේමයෙහි ප්‍රධාන පාත්‍රයෝ වෙති. මෙහි කතුවරියගේ මුඛ්‍ය අරමුණ වී ඇත්තේ මානව ජීවිතයේ අඳුරු මෙන්ම ගුප්ත පැතිකඩක් පාඨකයා හමුවේ විවරණය කිරීමයි.
කතුවරිය අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ හිටපු ප්‍රධාන සංස්කාරකවරියකි; නියෝජ්‍ය කොමසාරිස්වරියකි. විද්‍යාවේදී (උද්භිද විද්‍යා විශේෂ) හා විද්‍යාපති (කෘෂි, ජීව විද්‍යා) උපාධිධාරිනියකි. ළමා පොත් නිෂ්පාදනය පිළිබඳ මෙරට හා විදෙස් රටවල ද පවත්වන ලද වැඩමුළු, පුහුණු පාඨමාලා හා සම්මන්ත්‍රණ කීපයකට සහභාගි වී ඇති ඇය, ළමා පොත් හා අනෙක් කෘති ලිවීමේ, පරිවර්තනය කිරීමේ හා සංස්කරණය කිරීමේ ක්ෂේත්‍රවල දස්කම් පෙන්වා ඇත. කලක් ඇය, සිංහල විශ්වකෝෂයේ බාහිර ලේඛිකාවක් හා සංස්කාරකවරියක් ලෙස ද, ජාතික අධ්‍යාපන ආයතනයේ විද්‍යා අංශයේ සම්පත් උපදේශිකාවක් ලෙස ද සේවය කළා ය.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.