නිර්මාල්‍යා
“හඬාගෙන ඉපදෙන අපි මැරුණ දාට, අපි නිහඬ වෙලා අනික් අය හඬවලා යන්නම යනවා. ඉපදීමයි මරණයයි අතර කාල වකවානුව කොච්චර කාලයක් අපි හඬනවද චූටි බේබි? ඒ ඇඬීම පුළුවන් තරම් නැති කර ගන්න උත්සාහ නොගෙන හඬන්න අපි කොච්චර කරුණු කාරණා එකතු කර ගන්නවද?”
“ඇයි ඔයා ඒ කාල වකවානුවේ අඬන එක ගැන කවුරුත් කතා කරන්නෙ. අපි හිනා වෙන ටිකත් ඒ කාල වකවානුවට අයිති වෙලා තියෙනවා නෙ”
“චූටි බේබි, අපිට අඬන්නේ නැතිව හිනා වෙන්නත් බැහැ. හිනාවෙන්නේ නැතිව හඬන්නත් බැහැ. මොකද ඇඬුවොත් තමයි හිනා වෙනවා කියන්නේ මොකද්ද කියලා තේරෙන්නේ. ඒ වගේමයි හිනා උනොත් තමයි අඬන එක තේරෙන්නේ. ඔය දෙකම ස්ථිර දේවල් නෙවෙයිනේ”
“මරණ සහතිකය අපි කාටත් ඉපදෙන කොටම දීලා තියෙනවා. නමුත් ඒක අපි ටික දෙනෙකුයි දන්නේ. හුඟ දෙනෙක් එහෙම සහතිකයක් අපේ උප්පැන්න සහතිකයත් සමග තියෙනවා කියන එක අමතක කරලා.
“මිස්ටර් චන්න වීරසිංහ දැන් හිතන්න ඕන මැරෙන දවස ගැන නෙවෙයි. මැරෙන්න ඉස්සර ඔයාගෙන් කෙරෙන්න තියෙන වැඩවලින් උපරිම කොටසක් ඔයා කරන්න උත්සාහ කරනවා කියලයි”
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.