නිරුවත් දෙපා ළඟ
About this book
අමායා වහාම එතැනින් ඉවත් විය. අමායාට මෙය ප්‍රහේළිකාවක් විය. තිස්ස මුදලාලි යනුවෙන් ඇය හැඳින්වූයේ ළමා නිවාසයට දානය සහ වියළි ආහාර සපයන කඩ හිමියෙකි. ඔහුගේ වයස අවුරුදු හතළිහකට වැඩි විය යුතු යැයි ඇයට සිතිණ. ඔහු දුටු විට ඇයට සිහිපත් වන්නේ කාල ගෝල කථාවෙහි කාල ගෝලයා ය. ඔහු කළු පැහැ මිටි අයෙකි. දෙවියනේ! පාලිකාව කතා කළේ ඔහුට තමා විවාහ කර දෙන බවක් පිළිබඳව ද? තමාගේ මව පිළිබඳව ඇය රහසින් පැවසුවේ කුමක් නිසා ද? මව ජීවතුන් අතර සිටින බවක් ද ඇය පැවසුවේ?
අමායා ගේ සිතට දැණුනේ දැඩි වේදනාවකි. එකම වහළක් යට ජීවත් වුවද, අප අතර කෙතරම් රහස් තිබේ ද? ඇයට දැණුනේ දැඬි අනාරක්ෂිත බවකි.
Details
ISBN
9789557010885
පිටු ගණන (Pages)
221
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Write a review